OTP එක ගත්ත ද ? දුන්න ද?

OTP එක ගත්ත ද ? දුන්න ද?

15 views
0


අම්පිටියෙ සුමනරතන හාමුදුරුවෝ කියනකොට ඕනම කෙනෙක් හඳුනන්නෙ ඕනෑම තැනක ගැටුමක් ඇතිකරගන්න ස්වාමීන්වහන්සේ නමක් හැටියට. සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් සුමනරතන හාමුදුරුවෝ හඬ අවදිකරපු අවස්ථා බහුල වුනත් මේ වෙද්දී ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීමට ආවේගශීලීව හැසිරීමට සුමනරතන හාමුදුරුවෝ පෙළඹී සිටින බවක් දකින්නට පුලුවන්. මෙ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ නැවත අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ ජනප්‍රිය වෙලා ඉන්නේ මඩකලපුව මහජන බැංකු ශාඛාවේ නිලධාරීන්ට තර්ජනය කිරීමක් සමඟ. බොහෝ පිරිසක් ඒ ගැටුමත් එක්ක තීරණය කර තියනව උන්වහන්සේ සාධාරණ බවත් මහජන බැංකුවේ නොසැලකිල්ලෙන් උන්වහන්සේගේ ගිණුමේ මුදල් වෙනත් පාර්ශවයක් සොරකම් කර ඇති බවත්.  නමුත් මහජන බැංකුවෙහි කලමණාකාරවයෙක් වන හේම විදානපතිරණ මහතාගේ අදහස අනුව මෙම ගැටුමෙහි සමාජයට නිරාවරණය වන කොටසට අමතරව සැබෑ ගැටලුව සහ සිදුවී ඇති වැරැද්ද හෝ අතපසුවීම සුමනරතන හාමුදුරුවෝ රටෙන් සහ සමස්ත සමාජයෙන් සඟවලා තියන බවයි දැනගන්නට ලැබෙන්නෙ. 

-උපුටනය-

මොකක් හරි ලියනකොට කියනකොට  ගැන දැනගෙන ලියන්න කියන්න ඕන.මෙහෙම පදනමක් නැතු කතා සමාජගත කරන එකවැරදියි මේ කතාව පිටුපස හාමුදුරුවෝ සමාජයට නොකියන කතාවකුත් තියනව

මෙ හාමුදුරුවො ඩිජිටල් බැංකු පහසුකම ලබාගෙන  තුළින් සිය ගනුදෙනු පහසුවෙන් ඉටුකරගෙන තියෙනවාඋන්නාන්සේ “ඩිජිටල්බෑන්කින්ග් එපා කීවා” කියල වීඩියොවෙන් සමාජයට කියුවාට ඊට අදාල අයදුම්පත් මුන්නාන්සෙම සම්පූර්ණ කරලා බැංකුවට දීලාතියනව.

මුන්වහන්සේම වෙනත් වීඩියෝවක කියනවා දායකයින්ට සල්ලි එවන්න ගිණුම් අංකය ඇතුළු විස්තර දුන්නා කියලා.ගිණුම් හිමියෙකුගේ වගකීම වන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය, ගිණුම් අංකය විද්‍යුත් තැපැල් ලිපිනය ආදි අතිශය සංවේදී තොරතුරුසහ විශේෂයෙන් බැංකුවේ ලියාපදිංචි කර ඇති තම පෞද්ගලික ජංගම දුරකථනයට ලැබෙන රහස් සංකේතාංක(OTP) නොදන්නා අය සමඟ බෙදා නොගැනීමයි.

ඔය කියන විදියට එයා නොදැනුවත්ව වුනා නං එයාට පුලුවන් බැංකුවට විරුද්ධව නීතිමය පියවර ගන්න. එයා ඩිජිටල් බැංකු පහසුකම භාවිතයෙන් ගොඩක් ගෙවී

 සහ මුදල් හුවමාරු සිදුකරලත් තියනවා. එයාට බැහැ නීතිය ඉදිරියට ගිහිං බබා වෙන්න, බැංකුවේදි වීරයා වුනාට.

ලංකාවේ දිස්ත්‍රික්ක 12 ක ඩිජිටල් බැංකු වංචා පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් 2020-2023 වසරවල දත්ත අරං සිදුකළ පර්‍යේෂණයකට අනුව මෙවැනි  සිදුවීම් 962න් 947ක් ම සිදුවී තිබෙන්නෙ ගනුදෙනුකරුගේ නොදැනුවත්කම , මුදල් සෙවීමට ඇති අධික කෑදරකම, අධික ලිංගික කෑදරකම නැතිනම් සල්ලාලකම යන දුර්වලතා සූක්ෂම ලෙස භාවිතා කර බාහිර පාර්ශවයක් ගනුදෙනුකරුගේ OTP එක ලබාගෙන කරපු මුදල් මාරු කිරීම්. අවස්ථා දෙකකදි විතරයි බැංකු සේවයකයෙකුගෙන් වරදක් වෙලා තිබුනේ. අවස්ථා 4 ක් දුරකථන සමාගම් මගින් වංචනිකව ලබාගත් සිම්පත් හරහා මුදල් ලබාගත් අවස්ථා වගේම අනෙක් 9 වෙනත් ආකාරයෙන් සිදුවූ වංචා බව සඳහන් වුණා. 

ස්වාමීන්වහන්සේලා, ආරක්ෂක අංශ සහ අර කියපු සුලු රැකියා කරන කාන්තාවෝ බහුතරයක් මේ කියන ස්කෑම්වලට අහුවෙලා තියෙන්නෙ කොහොමද කියල බැලුවම පෙනෙන පොදු නිරීක්ෂණක් තියනවා.

එයාලා තම ජංගම දුරකථන හරහා සමාජ ජාලා ඔස්සේ නාදුනන අය සමඟ මිතුරුවෙලා අනියම් ලිංගික සබඳතා හෝ වෙනත් ගනුදෙනු කරන්න ගිහින් තමයි මේ රැවටීම් වෙලා තියෙන්නෙ. එහෙමත් නැතිනම් මොකක් හරි නීතිමය නොවන ක්‍රියාවකින් ලේසියෙන් එකපාර සල්ලි ගොඩක් හම්බකරන්න පූවන් කියල රැවටිලිකාරයෝ පස්සෙ ගිහිං.

මෙතනදි හාමුදුරුවෝ කියනවා වෙනත් වීඩියෝවක විදුලිබල මණ්ඩලයේන් කියල කෙනෙක් කතාකරල විදුලිබිල දුරකථනයට එවන්න සකස් කරන්න කියල sms එකෙන් ආපු අංකය ඉල්ලගත්තා කියල.

වැඩේ වරද්දගත්තට පස්සෙ කවුරුත් එන්නෙ බැංකුවේ රෙදි ගලවන්න තමයි. ඒත් අන්තිමට පොලිස් වුමර්ශන බාගයක් යනකොට තේරෙනවා තමන් ම කරපු මෝඩ වැඩක් නිසා එය සිදුවී ඇති බව. ඒපාර එයාලා බැංකුවෙන් එලියට බැහැලා යන්නෙ ” අපි ඔන්නෝක අතෑරලදාමු. සල්ලි නං මොනව ද අද තියෙනව හෙට නැතිවෙනවා නෙ… ” කියල අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනයකුත් දේශනා කරලා. එහෙමත් නැතිනම්, 

” අනේ වස්තුවේ මේවායේ ඇතුලාන්තය මාධ්‍යට නං දෙන්න එපා හොදේ. සල්ලි වගේ ද මනුස්සයින්ගේ නම්බුව” කියාගෙන

ඒකයි නොදන්න පාර්ශවයන්ට තමන්ගේ හැමදේම දෙන්නෙ නැතුව පරිස්සම් කරගන්න ඕන. තමන්ට ඒවා පරිස්සම් කරගන්න බෑ කියල හිතෙනව නම් ඒ පහසුකම් නොගෙන ඉන්න පුලුවන් ඕනම කෙනෙකුට. 

හැමදේම දන්න, මාසෙට එක ගානේ වීඩියෝ දාන හාමුදුරුවන්ට මේ ඩිංග තේරෙන්නෙ නැති එකයි පුදුම”

-උපුටනය අවසන් –

Your email address will not be published. Required fields are marked *