වසර 15ට පසු පොද්දල ජයන්ත “The Dark Easter” වේදිකාවට.

වසර 15ට පසු පොද්දල ජයන්ත “The Dark Easter” වේදිකාවට.

33 views
0


ශෙහාන් මාලක විසින් 2019 පාස්කු ප්‍රහාරය අළලා රචනා කළ ” The Dark Easter” කෘතිය පසුගිය නොවැම්බර් 29 වෙනිදා සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී එළිදැක්වීම සිදුවුණා. මේ සඳහා කතෝලික මෙන් ම මුස්ලිම් පුජකවරුන් බොහෝමයක් සහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා ද සහභාගී වී තිබුණා. 

අවුරුදු පහක කාලයක් පුරාවට දැඩි අභියෝග රාශියකට මුහුණ දෙමින් මෙම ග්‍රන්ථය එළිදැක්වීම දක්වා පැමිණි ගමන්මඟ සහ බාහිර පාර්ශවයන්ගෙන් එල්ලවූ විවිධාකාර වූ බලපෑම් පිළිබඳවද මෙම කෘතියේ කතෘවරයා වූ ශෙහාන් මාලක විසින් අදහස් දැක්වීම සිදුකරා. 

 තවමත් යුක්තිය ඉටුවී නොමැති මෙම සාහසික සමූල ඝාතනය සම්බන්ධව සමාජය දැනුවත් කරමින් රචිත මේ ග්‍රන්ථයට සේ ම කතෘවරයාට ද ස්තූතිවන්ත වන බවත් කිසිදු ලාභයක් හෝ වෙනත් පෞද්ගලික වාසි අරමුණු නොකර මෙකී සමාජ මෙහෙවර ඉටුකිරීම පිළිබඳ සමස්ත කතෝලික ප්‍රජාව මෙන් ම ශ්‍රී ලංකාවාසීන් මහජනතාව ඔහුට කෘතඥවියයුතු බවත් ආරාධිත අමුත්තන් මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා. එසේ ම අතීත සටන් සගයන් වසර 15ට පමණ පසුව තවමත් සටන් භූමියේ දක්නට ලැබීම දැඩි හෘදයාංගම සතුටක් ඇතිකරන බවත් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ පොද්දල ජයන්ත මහතා ප්‍රකාශ කර සිටියා.

Your email address will not be published. Required fields are marked *