පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ තවත් ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසකගේ එකතුවෙන් ඊයේ(10) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර ඉල්ලීම් කීපයක් මුල්කොටගනිමින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කෙරුනා.
01. 1988-1989 කාලවකවානුවේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය කළ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂ නායකයින්ගේ ඝාතන පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර එහි තොරතුරු සමාජයට අනාවරණය කිරීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම.
02. දශක කීපයක් සිදුවූ උතුරු යුද්ධයේ අගභාගයේදී (2009) සිදුවූ පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් සහ ඝාතන පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර වින්දිතයන්ට යුක්තියක් ඉටුකිරීම.
යන ප්‍රධාන ඉල්ලිම් දෙක මුල්කොටගනිමින් මෙම ඉල්ලීම් ලිපිය ජනාධිපතිතුමන් වෙත ලිඛිතව යොමුකරන බවත්, ප්රජාතන්ත්ර විරෝධී මර්දනයක් සහිත ඉතිහාසයක් පසුකළ පිරිසක් වශයෙන් සමාජයට මෙම සිදුවීම් ආශ්රිත සැබෑ තොරතුරු අනාවර්ණය කළයුතු කාලය එළඹ ඇති බව තම පක්ෂයේ සියලු සාමාජිකයන්ගේ මෙන් ම බහුතරයක් ජනතාවගේ අදහස බවත් ඔවුන් තවදුරටත් ප්රකාශකළා. එසේ ම මේ ගැටළුව සඳහා මෙතෙක් පත්කර තිබූ කල්වරණ කොමිෂන් සභා සහ වාර්තා වෙනුවට ප්රගතිශීලී ක්‍රියාමාර්ගයක් කඩිනමින් ක්‍රියාත්මක කර වින්දිතයන්ට යුක්තිය ඉටුකළ යුතු බවත් ඔවුන් සඳහන් කළා.