69 ලක්ෂයේ නියෝජිතයෝ, 69 ලක්ෂයක් එපා කිව්ව මිනිහෙක්ව පත් කරන්නේ කොහොමද?

69 ලක්ෂයේ නියෝජිතයෝ, 69 ලක්ෂයක් එපා කිව්ව මිනිහෙක්ව පත් කරන්නේ කොහොමද?

171 views
0

රාජපක්ෂලා අධිවේගී මාර්ග රත්තරං වලින් හැදුව වගේ මුදල් කාබාසිනියා කරලා රට තවත් ණය වුනා කියල, අපි එදා රනිල් මයිත්‍රී එක්ක එකතුවෙලා සන්ධානයක් හදාගෙන ආවහම මුන් හොඳයි කියල මයිත්‍රී ජනාධිපති කළා. අපි උන් රට හදයි කියල අවුරුදු ගානක් බලාගෙන හිටිය. මයිත්‍රී එයාට ඕන වැඩ කර ගත්තා ඒ අතරේ රනිල් මහා බැංකුව හොරා කෑවා. පාස්කු බෝම්බය පිපුරුවා ජාත්‍යාලය මතුවෙලා අපි ආයිත් රාජපක්ෂ (සමහර අයට දුටුගැමුණු වුනු) පරපුරේ ගෝඨා පත්කලා. අන්තිමට අද මොකක්ද අපිට ඉතුරු වුනේ?

කවදාවත් දිනේ පරක්කු කරලා බිල ගෙවල නැති, ණයට කරන්ට් එක ගත්තු නැති අපිට ඕනෑ වෙලාවට ලයිට් නැහැ.
දවස් පහම ඉස්කෝලේ යවලත් හරි අධ්‍යාපනයක් නැති දරුවන්ට දැන් ඉස්කෝලේ තියෙන්නේ යලට මහට.
කන්න මුකුත් නැතිනම් කන්න තිබ්බ පාන් කෑල්ල ගන්න අපි කිරිපිටි වලට ගෙව්ව ගණන් ගෙවන්න වෙලා.
ටැංකියේ තෙල් නැති වුනු ඕනෑ වෙලාවක ෂෙඩ් එකෙන් ගහගන්න තිබ්බ තෙල් ටික ගහගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න වෙලා.
බස් එකට නැග්ගම වේලක් කාල ඉන්න තිබ්බ සල්ලි ගෙවලත් බස් එකේ වවුලෝ වගේ එල්ලිලා යන්න වෙලා.
එළවලු හාල් පොල් ටික ගන්න මාසෙම හම්බු කරන සල්ලිත් මදිවෙලා.
ඉස්පිරිතාලවල බෙහෙත් නැතිව ඉස්පිරිතාල වහන්න වෙලා.
කිරිපිටි නැති පුංචි දරුවන්ට දෙන්න දෙයක් නැතිව වතුර පොවන්න වෙලා.
ගෑස් පෝලිම් වල ගෑස් ගන්න එක සති ගණන් බලාගෙන ඉන්න වෙලා.

දැන් අපි මොකද කලේ ? මුකුත් කලේ නැහැ නේද ? ඇයි ඒ ?

තරුණයින්ට මේක වාවන්නේ නැතිව උන් අරගලය පටන් ගත්තා. ගෝඨා, රනිල් ඇතුළු පාර්ලිමේන්තුවම අපිට එපා කියල. අපි ඔක්කොම ඒගොල්ලන්ගේ උදව්වට ගාලුමුවදොරට ගිහින් ගෝඨා එලෙව්වා, රනිල් එල්ලිලා හිටියා, හරියට අපි බස් එකේ එල්ලිලා යනවා වගේ.

අපි ඔක්කොගේම ඇස් වහල, උන් ටික ආයිමත් හැමදාම උන්ට රැවටුණු හැත්තව (අපිව) රවැට්ටුවා. ගෝඨා යන්න කලින් රනිල් ව අගමැති කළා, ජාත්‍යාලෙන් පොහොට්ටුවට චන්දෙ දීලා පත්කරපු රාජපක්ෂ මැති ඇමතිවරුන්ගේ වැඩි චන්දයෙන් අපි එදා එපා කිව්ව රනිල්ව ජනපති කළා.
කොහොමද එහෙම කරන්නේ.?
69 ලක්ෂයක් එපා කිව්ව මිනිහෙක්ව පත් කරන්නේ කොහොමද හැටනම ලක්ෂය පත්කරපු මැති ඇමතිවරු හෙවත් ඒ 69 ලක්ෂයේ නියෝජිතයෝ?
ඒ කියන්නේ ඒගොල්ලෝ අපිව නියෝජනය කලේ නැද්ද?
ඒ කියන්නේ ඒගොල්ලෝ අපි ඒගොල්ලන්ව පත්කළ හේතුව දන්නේ නැද්ද?
ඒ කියන්නේ ඒගොල්ලෝ අපිව පාවලා දුන්න නේද? එහෙම කොහොමද වුනේ?
ඒ කියන්නේ විරුද්ධ පක්ෂයට පුළුවන් නම් අනික් පැත්තෙන් කෙනෙක් ජනාධිපති කරන්න ඒගොල්ලන්ගේ හිතු මනාපෙට, ඒවගේම ඒක (ව්‍යවස්ථාවට අනුව) නිතියානු කුල නම්, එහෙනම් අනිවාර්යයෙන්ම මේ ක්‍රමයේ මහා විසාල වැරද්දක් තියෙනවා.
එහෙම නම් අපි දැන් මොකද්ද කරන්නේ..?
අපි ක්‍රමය වෙනස් කරන්න ඕනි. ඔව් මේ ක්‍රමය වැරදියි, මුන් හැමදාම අපිට කෙලිනවා.
මුන් ප්‍රජාතන්ත්‍රවාදී කියල කියන එකේ, කිසිම ප්‍රජා – තන්ත්‍රයක් නැහැ කියන එක නේද ඒ කියන්නේ ?
අන්න ඒ නිසා අපි ආයෙත් මේ උගුල් වල නොවැටෙන්න මෙන්න මේ ජරා ජීර්ණ ක්‍රමය වෙනස් කර ගන්න ඕනි.
එහෙම නොවුනොත් අපිට කවදාවත් මේකෙන් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ.
අන්න ඒ නිසයි කොල්ලෝ “system change” එකක් (ක්‍රමයේ වෙනසක්) ඉල්ලන්නේ.
අපිට වෙන කිසිම මගක් නැහැ මේකෙන් ගැලවෙන්න “system change” එකක් නොකර.

Your email address will not be published. Required fields are marked *