“සර්පයා, වැහිලිහිණියා සහ යුක්තිය”

“සර්පයා, වැහිලිහිණියා සහ යුක්තිය”

50 views
0

වැහිලිහිණියක යුක්තිය පසධිලන මහාඅධිකරණ ගොඩනැගිල්ලක් තුලට නිතර යන්නට පුරුදුවී සිටිනිසා, එක ප්‍රධාන විනිශ්ය ශාලාවක මහා විනිසුරු අසුනට ඉහලින් ඇති පරාලයක් අතර හිඩැසක කුඩුවක් තනා තිබුනා. ටික දිනකින් වැහිලිහිණිය බිත්තර දමා, ඒවා ප්‍රවේසමෙන් රැක පැටවුන් කිහිප දෙනෙකුන් ලැබුවා. එක දිනක් පැටවුනට කෑම සොයාගිය කිරිල්ල කුඩුවට එන්නට බොහෝ ප්‍රමාද වුනා. ඒ අතර තුරේදී උසාවිය අසල බෝ රුකෙහි බෙනයක සිටි සර්පයෙකු කුරුළු පැටවුන්ගේ ඉවවැටී උසාවියේ වහල බඩගා ඉගිලෙන්නට තරම් තටු සවිවී නැති කුරුළු කිරිලි පැටවුන් සියල්ලම ගිල දැම්මා.

කෑම රැගෙන පැමිණි කුරුළු මාතාව සිදුවී ඇති මහා වින්නැහිය දැක මහා හඩින් විලාප දෙන්න වුනා. වැහිලිහිණි මාතාවගේ විලාපය අසා වික්ශෝපයට පත් තවත් වැහිලිහිණියක් දරුවන් නැතිවුන කුරුළු මාතාව අස්වසන්න එතනට පැමිණ “මේ වගේ වින්නැහි වුනාම හඩා වැලපිලා පලක් නැ, මේ වගේ විපත්ති අපටත් හුරුයි, මේ ළඟකදී මගේ පැටවුන් ටිකත් මට නැතිවුනා” යයි කියා සිටියා.

එවිට සර්පයා ගිලීමෙන් තම පැටවුන් අහිමිවුණා කුරුළු මාතාව මෙසේ උත්තර දුන්නා, “පැටවුන්ට අහිමිවීම මට අමාරුවෙන් හරි දරා ගන්නට පුළුවනි ඊළඟ බිජු දැමීමේ වාරය ගැන හිතලා, නමුත් මට දරාගන්නට බැරි වෛරයක් සමග කලකිරීමක් ඇතිවෙන්නේ, මෙවැනි සහාසික අපරාධ වලට ගොදුරුවෙන අහිංසකයින්ට යුක්තිය සාධාරණත්වය පසධිලන්නට යොදවා ඇති ආයතන තුලම සාහසිකත්වය වැපිරීමට ඉඩ තිබීමයි.

“අත්විදීමට සිදුවන අසාධාරණයකදී දරා ගැනීමට වඩාත් අසීරු වන්නේ, අසාධාරණයක් කිසිසේත් බලාපොරොත්තු නොවිය යුතු තැන්වලදීත් අසරණයන් අසාධාරණයට ලක්වීමයි”
ඊසොප් ගේ උපමා කතාවක් ඇසුරෙනි

Your email address will not be published. Required fields are marked *