බලශක්ති ස්වෛරීභාවය වලපල්ලට.

බලශක්ති ස්වෛරීභාවය වලපල්ලට.

191 views
0

ලංකාවේ දේශීය සුර්ය බලය ඩිසල්, ගල් අගුරු අදානි මාෆියාවට යටවෙලාද? විදුලි බල මණ්ඩලය මඟින් අන්නෝමතිකව සූර්ය විදුලි ජනනයේ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ විදුලිය පාවිච්චි කරන්නන්ගෙ සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වුණා. මේ සඳහා සූර්යය විදුලි බල සහ විදුලි පැනල සවිකරන කර්මාන්තකරුවන්, විදුලිය පාරිභෝගික සංගමය, පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ සංවිධාන ඇතුළු සංගම්වල නියෝජිතයින් 20ක් පමණ සහභාගි වුණා.

ගාස්තු අඩු නොකළහොත් සූර්‍ය විදුලි බල නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ආයතන වසා දැමීමට සිදුවන බවත් එවිට මේ වන විට හැට දහසක් පමණ ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටින සිරිසගේ රැකියා අනතුරකට ලක්වන බවත් ඔවුන් සඳහන් කළා. විදුලි ඒකකයක මිල ඉහළ ගොස් පාරිභෝගිකයන්ට වැඩි විදුලිබිලක් ගෙවීමට සිදුවන නිසාවෙන් වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමට පොරොන්දු ලබා දුන් බවත්, එ නමුත් විදුලි බල ඇමතිතුමා සහ විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමන් මේවන විට ආණ්ඩුවේ තීරණයට විරුද්ධව කටයුතු කරන බවත් ඔවුන් ප්‍රකාශ කළා.  එසේ ම ජනතාවට ලබාදුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම කඩ කරමින් අන්තනෝමතිකව හැසිරෙන බලධාරීන්ට විරුද්ධව සහ සූර්‍ය බල ශක්ති ජනනයේ ගාස්තු ඉහළදැමීම නැවත්වීමට වහාම පියවර ගත යුතු බව සඳහන් කරමින් ඔවුන් මාධ්‍ය නිවේදනයක් ලිඛිතව ද ලබාදීම සිදුකළා. 

Your email address will not be published. Required fields are marked *