මහජන උපයෝගීතා කොමිසම කියන විදියට ජනතාවට සහන දෙන්න සාමාන්‍යාධිකාරිවරයා අකමැති ඇයි?

මහජන උපයෝගීතා කොමිසම කියන විදියට ජනතාවට සහන දෙන්න සාමාන්‍යාධිකාරිවරයා අකමැති ඇයි?

17 views
0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වර්ෂය සඳහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සශෝධනය සම්බන්ධයෙන් සවන් තීරණය මහජන අදහස් විමසීමකින් පසුව ලබන වසරේ ජනවාරි මස  17 වන දින  ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුවම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත  අදහස් සහ යෝජනා දෙසැම්බර් 17(ඊයේ) සිට 2025 ජනවාරි මස 08 වැනිදා දක්වා බාරගන්නා බවත්  වාචික අදහස් දැක්වීමේ සැසි  මෙම මස 27 වැනිදා සිට ලබන වසරේ ජනවාරි 10 දක්වා  සියලු පළාත් ආවරණය වන පරිදි පැවැත්වෙන බව ද එම කොමිෂන් සභාව දන්වා තිබුණා. 

නමුත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති  M.D.R. අතුල මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වමින් කියා සිටියේ අධික ලාභ උපයා ඇති විදුලිබල මණ්ඩලය අදහස් විමසීම්වලින් තොරව වුවද විදුලිය පරිභෝජනය කරන්නන්ට අනිවාර්‍යයෙන් සහන සැලසිය යුතු බවයි. ජනතාවට වඩාත් සහන සැපයීමට හැකිබව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා ඇතත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා එලෙස විදුලි බිල අඩු කිරීමක් ප්‍රතික්ෂේප කරන බවත්, ඉදිරි මාස 6 ක කාලයක් සංශෝධනය නොවන විදුලි ගාස්තු සහිත පරිභෝජනයක් අපේක්ෂා කිරීමට සිදුවී ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළා. 

Your email address will not be published. Required fields are marked *