ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?

ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?

27 views
0


සීඝ්‍ර ලෙස ඉහලයන සහල් මිල පාලනය කිරීම සම්බන්ධව මීට දින තුනකට පෙර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝවක උපරිම තොග මිල රුපියල් 215 ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියක් 220 ලෙසත් සඳහන්. දේශීය නාඩු කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 230 ක් ලෙස අදාල ගැසට් නිවේදනයේ සඳහන් වනවා. නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අනුමත කළ ගැසට් නිවේදනය අහෝසි නොකර ඒ මත ම නව රජයත් තීන්දු තීරණ ගැනීම තුළින් සහල් සහ බොහෝ ආනයනික වෙළඳ භාණ්ඩ සම්බන්ධව මාෆියාවක් නිර්මාණය වී ඇතිබව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සංවිධායක නිලූෂ කුමාර මාධ්‍ය හමුවකදී සිය අදහස් ප්‍රකාශ කළා. 

ඉහල නිලධාරීන්ගේ අක්‍රමවත් ක්‍රියාකලාපයන් සහ තීන්දු තීරණ හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනයන කිරීමට නියමිත සහල් ද දේශීය සහල් නාමයෙන් වැඩි මිලට වෙළඳපොළට නිකුත්වීමට බොහෝ ඉඩකඩ ඇති බවත් ඒ වෙනුවෙන් රජය සහ වගකිවයුතු ආයතන සූදානම් වීම අනිවාර්‍ය බවත් ඔහු ප්‍රකාශ කළා.  එසේ ම එළඹෙන මහ කන්නයේදී වී අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමට සහ ගොවියා ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත් මෙම විදේශීය සහල් ආනයනය ඊට බාධාවක් බවත් ප්‍රකාශ කළ නිලූෂ කුමාර සඳහන් කළේ අතහැර දමා ඇති වී අළෙවි මණ්ඩලය සතු ගබඩා ඒ සඳහා සූදානම් කළ යුතු බවයි.

සහල් පමණක් නොව සීමිත සමාගම් කිහිපයකට අයත් ලුණු නිෂ්පාදනය සහ බෙදාහැරීම ද මේවන විට ලුණු හිඟයක් නිර්මාණය කරමින් ගැටලුකාරී තත්වයකට පත්කර ඇති බවත් එමගින් ලුණු මිළ ඉහල දැමීමේ කූට උපක්‍රමයකට ව්‍යාපාරිකයන් සූදානමින් සිටින බවත් ඔහු තවදුරටත් අදහස් දැක්වුවා. 

මෙම ගැටලු සඳහා හැකි ඉක්මනින් මෙන් ම සාධාරණව විසදුම් ලබාදීමට හැකිබව රජය මැතිවරණ වේදීකා මත ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කාලය මේවන විට එළඹී ඇතිබවත් කූට ව්‍යාපාරිකයන් වෙනුවට රජයට තමන්ට බලය ලබාදුන් මහජනතාවගේ ගැටළුවලට ඉන් නිසි පිලිතුරු ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා බවත් ඔහු ප්‍රකාශ කළා. 

Your email address will not be published. Required fields are marked *