ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත  බාරගනියි ද?

ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත බාරගනියි ද?

40 views
0

රටෙහි සමස්ත ජනතාවට වගකිවයුතු ඉහල ම තනතුරක් දරණ කෘෂිකර්ම ,පශු සම්පත් ,ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා වන අමාත්‍ය ලාල් කාන්ත විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවෙහි ඔහුගේ කතාවාරය තුළදී දැඩි වගකීම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනව. මහනුවර ප්‍රදේශයේ වගාබිම්වලට රිලවුන්ගෙන් සිදුවන හානිය මූලික කරගෙන ගොඩනැගුණු මෙම කතාබහ අවසානයේ සමස්ත ගොවිජනතාව මුහුණ දෙන වනසතුන්ගේ හානි දක්වා පුළුල් වපසරියකට ගමන් කළ අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ” ගොවීන්ට තමන්ගේ වගා බිම නැතිනම් ගොවිපල තුළදී ඕනෑම ආකාරයකට වන සතුන්ගෙන් සිදුවන හානි මැඩපැවැත්වීමට ක්‍රියාකළ හැකි බව සහ ඊට නීතිමය වශයෙන් කිසිදු බලපෑමක් නොමැති බවයි” මෙම ප්‍රකාශයෙහි ඇති භයානක බව වගකීම් සහගත අමාත්‍යවරයෙක් ලෙස ඔහු වටහාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. නමුත් ගැටළුව වන්නෙ මෙම ප්‍රකාශය නිසාවෙන් වනඅලි මෙන් ම වෙනත් වනසතුන්ට ඔවුන්ගේ ජීවිතවලින් වන්දිගෙදීමට සිදුවේ ද යන සැකයයි. දැනටමත් අනවසර විදුලි රැහැන් , වෙඩි තැබීම් පුපුරන ද්‍රව්‍ය භාවිතය සහ උගුල් ඇටවීම් තුළින් රටට අහිමිවන වන සතුන් ප්‍රමාණය ගණනය කල නොහැකි තරම්. එවන් අවස්ථාවක ජනතාවට මෙන් ම සතුන්ටද ජීවත්වීමට ඇති අයිතිය සහ සුරෂිතබව තහවුරු කිරීමට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරමින් වගකීම් විරහිත ප්‍රකාශ නිකුත්කිරීමෙන් ම ඔවුන් දරණ ආකල්ප ජනතාවට තේරුම්කර හමාරයි. මේ වන විට සාමාන්‍ය ජනතාව මෙන් ම වනසතුන්ගේ ජීවිතවල වටිනාකම හඳුනන කණ්ඩායම් ද මෙම ප්‍රකාශය සහ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවනවා.

Your email address will not be published. Required fields are marked *