විදෙස් ශ්‍රමිකයන්ට වාහන ආනයන බලපත්‍ර මොකට ද ?

විදෙස් ශ්‍රමිකයන්ට වාහන ආනයන බලපත්‍ර මොකට ද ?

73 views
0

අප රටට විදේශ විනිමය උපයාදීමේ ලැයිස්තුවේ ඉහලින් ම ස්ථානයක් විදේශ ශ්‍රමිකයන්ට හිමිවෙනවා. මෙම වටිනාකම නිසාම ඔවුන්ට කෘතගුණ දැක්වීමක් වශයෙන් පසුගිය රජය විසින් තීරුබදු රහිතව විද්‍යුත් වාහන ආනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදෙනවා. නමුත් මෙම බලපත්‍රය හිමිවිය යුතු විදේශ ශ්‍රමිකයන් බොහෝමයකට ඒ අවස්ථාව නොලැබුණු බවට වාර්තාවනවා. නමුත් වාහන ආනයන බලපත්‍ර දහසකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතිබවට වාර්තා වීමත් සමඟ මේ පිළිබඳ බොහෝ පාර්ශවවල අවධානය යොමුවීමට පටන්ගන්නව. ඒ අනුව පෙර සඳහන් කළ බලපත්‍ර 1000 අවභාවිතා වී ඇති බවට විගණන වාර්තා නිකුත් වී තිබෙනව. 

අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා මේ පිළිබඳ පැමිණිල්ලක් ගොණුකිරීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිශන් සභාව වෙත පැමිණි අවස්ථාවක මෙම තොරතුරු මාධ්‍ය වෙත ලබාදුන්නා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ ඇමරිකන් ඩොලර් 25000ට සහ 65000 වශයෙන් කාණ්ඩ කර ලබාදුන් මෙම බලපත්‍ර විදෙස් ශ්‍රමිකයන් විසින් නොව වෙනත් පාර්ශවයක් විසින් වාහන ආනයනය කිරීමට මේවනවිටත් භාවිතා කර ඇති බවයි. එසේ ම කොරියාව සහ ඊශ්‍රායලය වැනි රටවල් වෙත රැකියා අවස්ථා සඳහා විදෙස්ගත වූ ශ්‍රමිකයන්ගෙන් ගුවන් ටිකට්පත් සඳහා වූ ගාස්තුවට වඩා වැඩි මුදලක් අයකරමින් රුපියල් කෝටි 4.5ට ආසන්න මුදලක් වංචා කර ඇති බව ද ඒ සඳහා ද පැමිණිල්ලක් ගොණුකළ බව තුෂාර මහතා ප්‍රකාශ කළා.

Your email address will not be published. Required fields are marked *