ප්‍රජාතන්ත්‍ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයෝ…

ප්‍රජාතන්ත්‍ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයෝ…

816 views
4

ජාතිකවාදී රැල්ල හමන්නේ 1956 දීය. ඒ 1936දී සිංහලයින් රැවටීමට සිංහල මහා සභාව අරඹා ජාතික ඇඳුම පොරවාගත් “මහා කළු සිංහලයා” පසුව “ආසියාවේ රිදී සීනුව” යැයි විරුදාවලිය ලත් සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ආසන 51ක් වූ බහුතරයක් දිනාගනිමින් “සිංහල පමණක්” රැල්ලෙන් ගොඩ ඒමත් සමගය.
ඉන්පසු 1959 සැප්තැම්බර් 26 වෙනිදා වෙඩිතබා ඝාතනය කල සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක වෙනුවෙන් උණුවූ හදවත් වල රැල්ලෙන් ජනතාව ඔහුගේ භාර්යාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස පත් කළේය.
1971 අප්‍රේල් 5 වෙනිදා දියත් කල ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය නැගීසිටීම හෙවත් “71 කැරැල්ල” දී තරුණයින් 5000 කට අධික පිරිසක් ඝාතනය කිරීම නිසා, ඊට එරෙහිව මතුවූ රැල්ලෙන්, 1977දී ආසන 168කින් සමන්විතවූ පාර්ලිමේන්තුවේ ආසන 140 ක් දිනාගනිමින් ජුනියස් රිචඩ් ජයවර්ධන අගමැති ලෙසත් ඉන්පසුව 1978දී ලබාගත් 2/3 බලය “අව භාවිතා කරමින්” ප්‍රථම විධායක ජනාධිපති ලෙසත් පත්වීය.
ඉන්පසු වසර 30කට ආසන්න කාලයක් තිබූ කොටි ත්‍රස්තවාදීන් සමූල ඝාතනය කලයුතු යයි කියමින් නැග ආ “සිංහල” රැල්ලෙන් ආසන 225කින් සමන්විතවූ පාර්ලිමේන්තුවේ ආසන 144 ක් දිනාගනිමින් මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගන්න ලදී.
වසර ගණනාවක් තිස්සේ මහින්ද සහ ඔහුගේ සහෝදරයින්ගේ සහ ඥාති හිතවතුන්ගේ කතිපයාධිපති (Oligarchic) කොල්ලකෑම් වලට හසුවූ ශ්‍රී ලංකාව බේරාගැනීමට දැන් තවත් රැල්ලක් ගොඩ නැගී ඇත.
දැන් ගැටලුව වන්නේ ශ්‍රී ලාංකිකයින් යලිත් වතාවක් මතුවූ මෙම “මහින්ද ඇතුළු හොර නඩය පන්නා දැමීමේ” මුවාවෙන් හමන තවත් රැල්ලකට හසුවී යලිත් මුදු බත්වේදැයි යන්න පිලිබඳව ඇති සැකයයි.
කලින් කලට ආ රැලි වලට හසුවී මුදුබත් වුන ලාංකිකයින් නැවත වතාවක් රැලි වලට හසු නොවී තම බුද්ධියෙන් සහ ඉවසීමෙන් ජනතාවාදී පාර්ලිමේන්තුවක් හා සැබෑ ජනතාවාදී නියෝජිතයින් පමණක්ම තෝරා, අපගේ අනාගතය අප අතට ගැනීමට කටයුතු කල යුතුය.

Your email address will not be published. Required fields are marked *