System – Change , කොතනින් පටන් ගතයුතුද?

System – Change , කොතනින් පටන් ගතයුතුද?

158 views
0

system – change , කොතනින් පටන් ගතයුතුද?
නියම වෙනස දේශපාලන වෙනස පමණක් නොව මිනිසාගේ සිතුම් පැතුම් වල වෙනසක් ම විය යුතු බව අපි සියල්ලෝම හොඳින් දන්නා කාරණයකි.
අන්තර්ජාලය පුරා, සමාජ මාධ්‍ය පුරා පැතිරීයන නොයෙක් සටහන් තුල අනෙකාට ඇඟිල්ල දිගුකිරීමේ කර්තව්‍යය ඉතා ඉහලින් සිදුවෙන බව ඔබ දැක ඇතිවාට කිසිඳු සැකයක් නැත.


මදක් නැවතිල්ලේ සිතන්නට ඉඩ ඇත්නම් ඔබ නිවෙස, ඔබේ නිඳන කාමරය වෙත සිත යොමු කල යුතුව ඇත. ටොපියක් කා එහි කොලය ගෙතුළ පුරා විසිකරණ මානසිකත්වක් ඔබට හිමිවේද? සත්තකින්ම නැත. වත්තපුරා කොළ කසල අතුගා අලංකාර ලෙස තබා ගැනීමට ඔබ මුලිකත්වය ගන්නේද? නැත, ඒ ඔබේ මෙහෙකරු හෝ මව හෝ පියා ඒ වගකීම කරපිටට ගෙන ඇති නිසාය. එහෙයින්ම මහමග ටොපි කොලයේ පටන් රටකජු පොත්ත දක්වා කිසිඳු චකිතයක් නැතිව පරිසරය අපවිත්‍ර කිරීම ඔබ විසින් සිඳු වෙනවා ඇත. ඒ පාර සුද්ධ කරන්නට සේවකයින් සිටී යන මානසිකත්වයේ මෙහෙයවීම නිසාය.


දැන්, සිතා බැලිය යුත්තේ මේ අවස්ථා වල උච්ච, මධ්‍යස්ථ සහ අවම අවස්ථා පිලිබඳවය. සමහරෙක් මෙහි උච්ච අවස්ථාවේද, සමහරෙක් අවම අවස්ථාවේද, තවත් සමහරෙක් මධ්‍යස්ථ තරමට මේ පරිසර හානිය සිදු කරයි. සමහරෙක්, ගෙදර කුණු රථයේ කවුළුවෙන් වෙනත් තැනකට විසි කරයි. තවත් සමහරෙක් රාත්‍රීයේ තම නිවසේ කුණු වෙනත් නිවෙසක් ළඟ තබායති.
වෙනස් කලයුත්තේ කොතනද? පවුල් පරිසරය තුල ඒ වගකීම දැරිය යුත්තේ නිවසේ සියලුම සාමාජිකයින්ය. නිවෙස පිරිසිදුව තබාගැනීමට තම තමන් එකසේ දායක විය යුතු බව සිහි තබාගත යුතුය. මහමගදී සියලුම මගියන් විසින් එම වගකීම එලෙසම දැරිය යුතුවේ. ජාතියක් ලෙස මෙහි වගකීම සියල්ලන්ගේමය.
එසේනම් මේ system – change එක ආරම්භ කලයුත්තේ කොතැනින්ද? ඔබගේ නිවසින්මය. මෙය කුණු වලින් පටන් ගෙන දේශපාලනය දක්වා ව්‍යාප්ත කල යුතුය. නියම system – change එකක් අත්විඳීමට නම් මෙයට වඩා ප්‍රත්‍යක්ෂ වූ වෙනත් ක්‍රමයක් නැත.

Your email address will not be published. Required fields are marked *