දියුණු ධනවාදී ලෝකය සහ පසුගාමී ලාංකික අධ්‍යාපනයේ භාවිතය

දියුණු ධනවාදී ලෝකය සහ පසුගාමී ලාංකික අධ්‍යාපනයේ භාවිතය

92 views
0

දියුණු ධනවාදී ලෝකය සහ පසුගාමී ලාංකික අධ්‍යාපනයේ භාවිතය

පින්ලන්තය,ජපානය,දකුණු කොරියාව,ඩෙන්මාර්කය,රුසියාව,නොර්වේ,එක්සත් රාජධානිය,ඊශ්‍රායෙලය,ස්වීඩනය,හොංකොං,නෙදර්ලන්තය,ජර්මනිය,චීනය,සිංගප්පූරුව,පෘතුගාලය,හංගේරියාව,එස්තෝවේනියාව,ප්‍රංශය,එක්සත් ජනපදය.

ඉහත දක්වා ඇති රට වල් වල නම් කියවද්දී මැවෙන මනෝරූපක අතර ප්‍රධානම දේ වන්නේ දියුණු ජීවන තත්වයයි,එහිදී සමාජීය මෙන්ම ආර්ථික අතින්ද වත්පොසත් කමක් ඇති ඔව්න් ලෝකයේ අධ්‍යාපන රටාවන් ඉතා ප්‍රශස්ථ මට්ටමට පවත්වා ගෙන යන අනුපිලිවෙලට මා විසින් ඉදිරිපත් කරන ලදී, එකිනෙකාට ආවේනික අධ්‍යාපන ප්‍රථිපත්ති පවත්වාගෙන ගියද අවසානයේ විෂය කරුණු සහ විෂය පරිබාහිර කරුණු වලින් ඔව්න් සන්නධව ඇත,එලෙසින් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට සත්භාවයෙන් ගොඩ නඟන පුද්ගලානුබද්ධ පෞරෂය තම අනාගත ජීවිතය ඒකාලෝකමත් කිරීමට ප්‍රායෝගිකව භාවිතයට ගනී.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තොරණේ එකම ජාතක කථාව අඩසියවසක කාලයක් කොටු දොලහකට සීමාවී තිබීම ජාතියේ අවාසනාවකි,ඒ තොරණ ඉදි කර ඇති අවට පරිසරයේ අසිරිය විඳීමට හෝ ඒ අසිරිය හරහා දිය ඇලි ,කඳු පන්ති වලට වැටී ඇති මලින් පිරුනු සුගණ්ධවත් මාවත් වල පිය නැඟීම ගුරු දෙගුරුන් විසින් තහනම් කර ඇත,මෙහිදී එකම තොරණේ විස්තරය කටපාඩම් කර ගන්නා ගිරව් ටිකක් කිසිදු නිර්මාණාත්මක වපසරියක් නොමැතිව සමාජයට කාන්දු වෙන්නේ රසාඥතාවය වඳ පීදුන මනසකිනි.

දැනුම සහ බුද්ධිය යනු පාරවල් දෙකනින් ගමන් කරනා ධාරාවන් දෙකකි ,අඳාළ විශයානුබද්ධ පොත පත වන පොත් කිරීම තුළින් ඔබට අවශ්‍ය දැනුම උකහා ගත හැකි අතර කිසියම් සිදුවීමක් හෝ ප්‍රපන්චයක් කියවා අවබෝධ කර ගැනීමට බුද්ධිය අවශ්‍ය වේ,එහිදී අද මුලින්ම කියවෙන මිනිස් බුද්ධියට ආදේශකයක් ලෙස වර නගා ඇති කෘතිම බුද්ධිය ලොව දියුණු රටවල් තම කාර්‍යක්ෂමතාවය වැඩි කර ගැනීමට භාවිතා කරයි,නමුත් ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් වලට ඇවසි වන්නේ නිර්මාණාත්මක සෞන්ධර්‍යාත්මක මිනිස් බුද්ධියයි.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන ප්‍රඥප්තියේ හරය වන්නේ,

1) තීරණ ගැනීමේ ශක්තිය,
2) සමාජ වගකීම් පිළිබඳ අවබෝධය,

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ධවල ප්‍රත්‍රිකාව,

පාඨශාලාවේ කෙරෙන වැඩ හා සැබැඳි පවත්නා නමුදු විශේෂ විෂය නිර්දේශ ආදිය සපයා නැති වැදගත් කාර්‍ය රාශියකි ( 1981 : 8 )

විදුහල්පති අත්පොත,

විෂය සමගාමී ක්‍රියාවන් වූ කලී විෂය මාලාව සමාජ වශයෙන් අඳාළ කර වන ,තේරුමක් ඇති කරවන උපකාරයකි,එසේම විෂය සමගාමී කටයුතු ශිෂ්‍යා තුළ යහපත් ආකල්ප වඩා ඵලදායී සමාජ අගයන් සහ අභිමතාර්ථ ඇති කර වන සුළුය,

ඉතින් මෙවැනි ව්‍යවස්ථාපිත ප්‍රථිපාදන කොපමණ තිබුනත් ඉතා කුඩා, කුඳු, කොට, ජාතියක් වන ලාංකිකයන් තමන්ගේ කුසීත ජීවන විලාසය ප්‍රදර්ශනය කරමින් උදෑසන 7.30.සිට දහවල් 1.30 වන ඉට ඉගෙනුම අවසන් කොට නිවෙස් වලට ගුහා ගත් වෙමින් අත්පොත් වන පොත් කරති.

දියුණු අධ්‍යාපන ක්‍රමයක් ඇති රට වල මාසෙකට සතියක් දරුවන් නිවෙසින් බැහැරව ක්ශ්‍රේත්‍ර චාරිකාවකට යොමු කරවයි, එහිදී දරුවන් තම තමන්ගේ වැඩ තනි තනියෙන් සිදු කර ගනිමින් ස්වභාදහම,සමඟ ඒකාත්මික වෙමින් ජීවිතය ආශ්වාදය කරයි, සිදුවීම් වලට සහ තනිකමට බිය නොවන මේ දරුවන් කිසි විටක විශාදිය, හීනෝන්මාදය වැනි මානසික ව්‍යාදීන්ට ගොදුරු නොවේ. ,කැස්ස ,හෙම්බිරිස්සාව ඔව්න්ගේ ඇගෙන්ම සුව වන අතර ගහට කොලට ඔරොත්තු දෙන ඔව්න් වෙනුවෙන් ඉතා ඔත්පල රෝගයකට පවා වෛද්‍යවරුන් නියම කරන එකම ප්‍රතිජීවක ඖෂධ ලෙස භාවිතා කරන්නෙ පෙනිසිලීන් පමණි.

එබාවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් ලංකාවේ අධ්‍යාපනය:

1) නිර්මාණශීලිත්වයෙන් තොර වීම,
2) සමාජ කුසලතා අවම වීම,
3) විරැකියාව,
4) පෞරෂ වර්ධනය ඉටු නොවීම.

යන අවම කරුණු හෝ මුදුන් පත් කර ගැනීමට නිසි මාවතකට දිශාගත කිරීම යුගයේ අවශ්‍යතාවයකි.

මෙහිදී විෂයානුබද්ධ කරුණු වල මූලික ඉගැන්වීම් පමණක් ගුරුවරුන් විසින් උගන්වා වැඩි දුර අධ්‍යනය සඳහා ස්වයං ඉගෙනීමේ අවස්ථාව ලබා දෙමින් වෙබ් අඩවි වැනි දේ නිශ්පාදනය තුළින් නවීනත්වයට සහ නව දැනුම් ප්‍රදාහයන් හසු කර ගැනීමට අවස්ථාව සැලසිය යුතුයි,යම් හෙයකින් මූලික අධ්‍යාපන අතරමඟ නවත්වන සිසුන්ට රැකියා ඉලක්ක ගත කරමින් ඉදිරියට යාමට කාර්මික විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන ස්ථිරවම පාසල් පද්ධතියට සම්බන්ධ කල යුතු අතර, ගුරුවරුන් විසින් හඳුනා ගත් සමත් කම් මත සිසුවාගේ ඉදිරි ගමන නිර්ණය කල යුතුය.

එසේම ,

වෛද්‍යවරුන්,
ඉන්ජිනේරුවන්,
නීතිඥයන්,
ඝනකධිකාරී වරුන්,

යන සම්බාවනාවට පත් වී ඇති රැකියා වල මට්ටමට කාර්මික අංශයේ හා නිශ්පාදන ප්‍රවාහයේ මෙන්ම කලා කරුවන්ද රැගෙන ආ යුතුය,

උදක්ම සමාජයේ මුල් බැස ගෙන ඇති සමාජ භේදය සලකුණු කරන ඇති නැති පරතර ඉර මකා දමා ස්ථාවර මනුස්ස සමාජයක් බිහි කිරීම මීලඟට රට බාර ගන්නා පාලකයන් සතු වගකීමකි,

“සිදු විය යුත්තේ මෙයයි,තමන්ගේම කෙස් වැටියෙන් අල්ලා ඇද සිරුර කනපිට පෙරලා අලුත් ඇහැකින් ලෝකය දෙස බලන එකයි .”

-පීටර් වයිස්
-“මරාසාද්” වේදිකා නාට්‍යය,

ඉතින් ප්‍රිය සකිය බුදු දහමට අනුව නිවන් යාමට නම් දුක,දුකට හේතුව,දුක නැති කිරීමේ මඟ අප ස්වෞත්සහයෙන් සොයා ගත යුතුය,

ජීවිතේ අපිට මුහුණ පෑමට සිදු වෙන හැම සිදු වීමක්ම නිර්වචනය කර ගෙන ගැටළුව හඳුනා ගෙන ගැටළුවට හේතුව හඳුනා ගෙන ගැටළුව සඳහා පිළිතුර සපයා ගත යුතුය,

ජාතියක් ලෙස නැගී සිටීමට තම තමන්ගේ විභවයන් අනුව දායක්ත්වය සැපයිය යුතු මොහොතක, අප මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුන ජානමය හැකියාව තුලින් තාක්ෂණික හා ,නිර්මාණාත්මක කෞශල්‍ය ,නාව්‍ය සිතුවිලි භාවිතා කරමි ,යන දැඩි අදිටන ශරීර වලට එන්නත් කර ගත හොත් නිර්වින්ධිත ජාතියක් කෙලින් කටින් පිහිටුවීම අසීරු කාර්‍යක් නොවන බව තරයේ විශ්වාස කරමි,දිවැස අපි දිවිහිමියෙන් මැදිහත් වෙන්නේ හඩක් නැගීමට ඇවසි නමුත් ඒ සඳහා ඇවසී භාෂා ශබ්දකෝෂයක් නැති ප්‍රජාව ඔසවා තැබීමේ සමාජ කාර්‍ය භාරය වෙනුවෙන් ඉතා සත් භාවයෙනි.

~ හරීන්ද්‍ර නයනජිත් පැටිඅරඹගේ ~

Your email address will not be published. Required fields are marked *