ජාත්‍යන්තර මාධ්‍ය වේදීන්ට රනිල්, තම නිරුවත පෙන්වයි

ජාත්‍යන්තර මාධ්‍ය වේදීන්ට රනිල්, තම නිරුවත පෙන්වයි

172 views
0

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් රනිල් සමග කරනා ලද සාකච්චා තුනකදී, රාජ්‍ය නායකයෙක් ලෙස රනිල් තමන්ගේ “නොසුදුසුකම” ප්‍රදර්ශනය කල අවස්ථා තුනක් මෙහිදී අපට දැකබලා ගත හැක.
දේශපාලනයෙන් තෙම්පරාදුවී ඇති ඔහු, මාධ්‍යවේදීන් ඉදිරියේ තමන්ගේ “හිවල් ” ගති මොනවට එළිදරව් කරනා අතරම, ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් මහත් අපහසු තාවයකට පත් කිරීමක් ද ඉන් සිදුවෙනු නොවැලක්විය හැකිය.

ප්‍රශ්නය: ඔබ රාජපක්ෂලාගේ පරණම මිත්‍රයෙක්, ජනතාව ඉල්ලන්නේ වෙනසක් නම් ඔබ කොහොමද ඒගොල්ලන්ට වඩා වෙනස් වෙන්නේ?
රනිල්: කොහොමද මම රාජපක්ෂලාගේ පරණ මිතුරෙක් වෙන්නේ? කවද ඉඳන්ද මම රාජපක්ෂලාව දන්නේ? මම ඒගොල්ලන්ට විරුද්ධ වුනා හැමදාම. ඔයා මේ අද ඇවිල්ල කියනවා මම රාජපක්ෂලාගේ මිත්‍රයෙක් කියල. පේනවද එක රාජපක්ෂ කෙනෙක් වත් මේ හරියේ ඉන්නවා?

දෙවන මාධ්‍ය හමුව:

ප්‍රශ්නය: ඔබ ජනාධිපති වුන දවසේ ඉඳන් ආරක්ෂක අංශ, අරගල කරුවන් එල්ල කරගෙන විවිධ අන්දමේ අත්අඩංගුවට ගැනීම් සිද්ධ කරලා තියෙනවා. ඔබ හිතනවද එහෙම කලාම රටේ දැන් තියෙන ප්‍රශ්න නිරාකරණය වෙයි කියල?
රනිල්: මම හිතන්නේ නැහැ රජයේ නිවාස ගිනිබත් කිරීමෙන් මේ ගැටලුව නිරාකරණය වෙයි කියල. අපි ඔක්කොම එක තේරුම් ගන්න ඕන. ඔබ හිතනවද ජනාධිපති මන්දිරය අල්ලා ගැනීමෙන්වත්, අගමැති මැදුර අල්ලා ගැනීමෙන්වත්, මගේ ගෙදර ගිනි තැබීමේන්වත්, පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට යාමෙන් වත් මේ ගැටලුව විසඳෙයි කියල?
ප්‍රශ්නය: ඔබ හිතනවද අත්අඩංගුවට ගැනීමෙන් හෝ ….(රනිල් කතාව මැද්දට පැන උත්තර සපයයි)
රනිල්: අපි අත්අඩංගුවට ගත්තේ නිතිය කඩපු මිනිස්සු. මම නෙවෙයි ඒවා කරන්නේ. එක පොලිසියට භාර දීල තියෙන්නේ හරියට නුඹේ රටේ වගේ. ඉතින් පොලිසිය තීරණය කරලා ඒගොල්ලන්ට දඬුවම් කරන්න. හැමදෙයක්ම කරලා තියෙන්නේ නීතියට අනුව.
ප්‍රශ්නය: ගොඩක් අරගල කරුවෝ ජීවන්ත පියතුමා, විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායක වසන්ත ඒවගේ තව ගොඩක් අය …(නැවතත් රනිල් කතාව මැද්දට පැන උත්තර සපයයි)
රනිල්: මම දන්නවා උඹ කතාකරලා තියන කණ්ඩායම. මේ සුළුතරයේ ප්‍රශ්නය මගේ පිටින් දාන්නයි ඔයා හදන්නේ, නමුත් මම උත්තර දෙන්නේ බහුතරයක් ජනතාව වෙනේවෙන්.

තෙවන මාධ්‍ය හමුව:

ප්‍රශ්නය: අපි ඔයගොල්ලෝ පටන් ගත්තු ව්‍යාපෘති ගැන කතා කලොත් රට අවදානමකට මුහුණ දෙන හැම අවස්ථාවකම ඔයගොල්ලෝ කරලා තියෙන්නේ රජයට අයත් ප්‍රධාන දේපල විකිණීම. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවාව වගේ දේවල්, ඇයි එහෙම වෙන්නේ?
රනිල්: ඇයි ඔය ගොල්ලෝ ඉන්දියන් ගුවන් සේවාව විකුනන්නේ?
මාධ්‍යවේදිනිය: නැහැ, මට දන ගන්න ඕනේ.
රනිල්: ඉන්දියන් ගුවන් සේවාව ගොඩාක් පාඩු ලැබුවා, හරවා ගන්න බැරි තරමට. අපිටත් එහෙම ප්‍රශ්න තමයි තියෙන්නේ. ආර්ථිකය අස්තාවරයි, ඒ නිසා අපිට තව දුරටත් ඒකට උපකාර කරන්න බැහැ. ඔයගොල්ලන්ට ඉන්දියන් ගුවන් සේවාව එක්ක තිබුණු එකම ප්‍රශ්නය තමයි අපිට මෙහෙ තියෙන්නේ.
ප්‍රශ්නය: ඔබ හිතනවද එහෙමනම් පෞද්ගලිකරණය තමයි හරි උපාය මාර්ගය කියල?
රනිල්: වෙන මොනවද අපිට කරන්න පුළුවන්?

Your email address will not be published. Required fields are marked *