නීතියේ ආධිපත්‍ය සුරැකමින් පාලක පාලිත දෙපාර්ශවයටම එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට මුළුමහත් ජනතාවම රජයට බලකර සිටිය යුතුය

නීතියේ ආධිපත්‍ය සුරැකමින් පාලක පාලිත දෙපාර්ශවයටම එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට මුළුමහත් ජනතාවම රජයට බලකර සිටිය යුතුය

146 views
0

රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති “වෙරංග පුෂ්පික” කිසිඳු දැන්වීමකින් තොරව රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඊයේ පැහැර ගන්නා ලදී. මෙම පහර ගැනීමේදී කිසිවෙකු විසින් සටහන් කරගනු ලැබූ තොරතුරු වලට අනුව ඔහු පහර ගන්නා ලද්දේ GC 0342 අංක දරණ නිල් පැහැති TOYOTA LAND CRUISER එකකින් පැමිණි කණ්ඩායමක් විසිනි.
ගාලු මුවදුර තනා ඇති බණ්ඩාරනායක පිළිරුවට හානියක් වේ යයි පවසමින් කොටුව පොලිසිය විසින් කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගන්නා ලද නියෝගයක් අනුව ඒ අසල සිටි තරුණයින් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනයනු ලැබුවේ ඉහත සිදුවීමට දිනකට පෙරය.
එසේම අධිකරණ නියෝගයකින් තොරව ඒ අසල තිබූ කුඩාරම් කොටුවේ පොලිසිය විසින් එහි නිලධාරින් යොදවා බලහත්කාරයෙන් ඉවත් කරනා ලදී.
පොලිසිය, පොලිසියේ විශේෂ කාර්‍යය බලකාය, ශ්‍රී ලංකා යුධහමුදාවේ සහභාගීත්වය තිබූ අවස්ථාවක ගුවන් හමුදා ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් විසින් අරගල භුමියේ නිදාසිටි අරගල කරුවන්ට දැඩි ලෙස පහර දීමක් ද සිදුවුයේ මින් වැඩි ඈතකදී නොවේ.
ගැටලුව වන්නේ පහර කෑ අය අත්විඳි හා අත්දුටු දෑ සමග ඉහත කි සිඳුවීම් තුලනය කිරීමේදීය.
එම ගැටලුව සංකීර්ණ වන්නේ, බලය ලැබීමට පෙර අරගලය තිබිය යුතුය, එය ප්‍රජාතාන්ත්‍රික අයිතියක් යයි කිවූ රනිල් අද විධායක ජනාධිපති ලෙස අසුන්ගෙන සිටියදී මෙවැනි දෑ සිදුවීමයි.
රනිල්ගේ අතීතය ශ්වේත වර්ණ නොවෙන බව අප දනිමු. අතීතයෙන් පාඩම් උගත් බවක් ද පෙනෙන්නට නැත. අඩුම තරමේ සය වතාවක් මෙම අසුන නොලැබුණේ මන්ද යන බව පිළිබඳව හීනවූ අවභෝයක් වත් ඔහුතුල පවතින බව පෙනෙන්නට නැත. එසේ නම් වයසට ගියද, රනිල්ට අඩුමතරමේ මරණින් මතු වටවත් සිහියේ තිබෙන ලෙස පාඩමක් ඉගැන්වීමට කාලය පැමිණ ඇතිබව පෙනී යයි.
අරගලයට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමට එරෙහිව නිතික්ඥ මහතුන් වහ වහා පෙළ ගැසිය යුතු කාලය පැමිණ තිබේ.
අරගලකරුවන් පහර ගෙන යාමට එරෙහිව, ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය සහ ජාත්‍යන්තර සංවිධාන වහා ඉදිරිපත් වියයුතු කාලය පැමිණ තිබේ.
නීතියේ ආධිපත්‍ය සුරැකමින් පාලක පාලිත දෙපාර්ශවයටම එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට මුළුමහත් ජනතාවම රජයට බලකර සිටිය යුතුය. එය කලහැක්කේ තම ප්‍රදේශයේ මහජන නියෝජිතයා හරහා නොවෙන බව අප හොඳින් දන්නා කාරණයකි. එහෙයින්, මේ ජරා ජිර්ණවූ පාලකයින් බලයෙන් ඉවත් කරලීමට අප සියල්ලෝම එකාවන්ව අරගලයට එකතු විය යුතුමය.

Your email address will not be published. Required fields are marked *