වන්දාමි සාදු මමලං – ජින දන්ත ධාතූ..

වන්දාමි සාදු මමලං – ජින දන්ත ධාතූ..

26 views
0

වසර ගණනාවකට පසු ලක්වාසී ලෝවාසී බෞද්ධ සිත් සතන් බුදුන් දැකගත් තුටින් උද්දාමයට පත්වන මොහොත අද දින තව පැය කිහිපයකින් උදාවීමට නියමිත . මීට පෙර ශ්‍රී දළඳා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 1982 වසරේ වන අතර, 1982 පෙබරවාරි 07 සිට 14 දක්වා මහජනතාව උදෙසා , 1982 ජූලි මස 8 වැනිදා ලෝක බෞද්ධ නියෝජිතයන් උදෙසා , 1984 අගෝස්තු මස 09 වැනි දින යලිත් ලෝක බෞද්ධ නියෝජිතයන් උදෙසා දළදා දැක්ම පවත්වන ලදී

වසර 16කට පසුව දළදා ප්‍රදර්ශනයක් අෆ්හ දිනයේ සිට දින දහයක් පුරා පැවැත්වීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යෝජනා කළේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්  බැහැදැකිමෙන් පසුවය. දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නැයි ජනාධිපතිවරයා මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා තිබේ. ඊට මහනාහිමිවරුන්ගෙන් එකගතාව ලැබුණු බව හෙළිවිණ.

කිත්සිරි මෙවන් රජ සමයේ සිට විවිධ රජවරුන් දළදා වහන්සේ ප්‍රදර්ශනය කර ඇත. ඉංග්‍රිසි පාලන කාලයේදී 1828දී ඇති වූ නියඟය අවස්ථාවේදී සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ මැදිහත්වීමෙන් දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. එසේම වික්ටෝරියා මහ රැජනගේ පුත් එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේදී 1875දි දළදා ප්‍රදර්ශනය කර තිබේ. එළිසබෙත් මහ රැජන මුල්වරට ලංකාවට පැමිණි 1954දී දළදා ප්‍රදර්ශනයක් කර තිබේ.තායිලන්තයේ රජතුමෙකු වෙනුවෙන්ද දළදා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.එසේම නේපාලයේ බිරේන්ද්‍ර රජතුමා වෙනුවෙන්ද දළදා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.

සුදුසු කාලයකදී දළදා ප්‍රදර්ශනය කළ යුතු යැයි මහානාහිමිවරු දෙනම හා දියවඩන නිලමේ තීරණය කළොත් බව දිසාපති හරහා රජයට දැනුම් දීමයි සම්ප්‍රදායයි. රජය ඉන්පසු ආරක්ෂාව හා පහසුකම් සලසමින් ප්‍රදර්ශනය කරන දින වකවානු වගේම ප්‍රදර්ශනය කරන දින දීර්ඝ කිරීම හෝ දින කෙටි කිරීම, වෙලාවල් වෙන් කිරීම කරන්නෙත් මහානාහිමිවරුන්ගේ හා දියවඩන නිලමේගේ තීරණය මතයි. සඳහා කිසිදු බාහිර පාර්ශ්වයකට බලපෑම් කිරීමට අයිතියක් නොමැති බව සඳහන් . නමුත් විශේෂ රාජ්‍ය නායකයකු ලංකාවට පැමිණි අවස්ථාවක හෝ අලුතෙන් ජනාධිපතිවරයකු පත්වූ අවස්ථාවක හෝ දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන ලෙස මහානාහිමිවරුන්ගේ සහ දියවඩන නිලමේගෙන් රජය ඉල්ලීම් කරන අවස්ථා තිබෙනවා. එවන් අවස්ථාවල එම අමුත්තා වෙනුවෙන් පමණක් දළදා වහන්සේ වැඩ සිටින කුටියේදී ප්‍රදර්ශනය කරනවා. නමුත් එය මහජනතාවට විවෘත නැහැ’’ යැයි හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පවසයි.

දළදා ප්‍රදර්ශනයක් හා සම්බන්ධ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර රැසක් තිබේ.

එසේම හිමිදිරියේ සිට සවස් වනතුරුවත්, නැතහොත් දිවා රෑ දෙකේමත් දළදා වහන්සේ ප්‍රදර්ශනය නොකරති.දළදා ප්‍රදර්ශනය අරඹන්නේ දිනපතා නවපෑ තේවාව හෙවත් දහවල් වෑංජන තිස් දෙකේ පූජාවෙන් පසුවය. නවපෑ පූජාව ඇරඹෙන්නේ උදේ 9.30ටය. එම පූජාව අවසන් වන්නේ 10.30 පමණය. අනුව දළදා වහන්සේට පූජා කළ ආහාරපානබැහැ ගන්නවාහෙවත් ඉවත් කිරී‍මෙන් පසු දළදා ප්‍රදර්ශනයට සූදානම් වේ.

එසේ ප්‍රදර්ශනයට තබන දළදා වහන්සේ යළිත් සවස 6.30 ගිලන්පස පූජාවට පෙර ගන්ධ කුටියට වැඩම කිරීම හෙවත් ගෙවැද්දීම සම්ප්‍රදායකි.

දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන්නේ දළදා වහන්සේ වැඩ සිටින ගන්ධ කුටිය ඉදිරිපිට ඇති පිරිත් කොටුව හෙවත් පිරිත් මණ්ඩපයේය.

සඳහා පිරිත් කොටුව විශේෂ සැරසීමක් කරයි. දළදා වහන්සේ වැඩසිටින කරඬු සත සහිත මහ කරඬුව අසලම තවත් කරඬු දෙකක් ඇත. ඉන් එක් කරඬුවක් වන්නෙ කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා විසින් පූජා කළ පෙරහර කරඬුවයි. මහ කරඬුවට පිටුපසින් තැන්පත් කර ඇත්තේ ප්‍රදර්ශන කරඬුවයි. දළදා ප්‍රදර්ශනයක් කරන්නේ එම විශේෂප්‍රදර්ශන කරඬුවේදළදාව තැන්පත් කිරීමෙන්ය.

දළදා වහන්සේ සහිත කරඬු සත විවෘත කිරීමට පෙර තවත් විශේෂ කාර්යයක් ඉටු කරති. මහ කරඬුවට පලඳා ඇති රන් ආභරණ ඉවත් කිරීමය. මෙම කරඬුවේ ඇති රන් ආභරණ පිළිබඳව මාලිගාවේ වට්ටෝරු ලේකම් විසින් එම ස්ථානයේදී හඬ නගා කියවන්නේය. ඉන්පසු තේවාවේ නාහිමිවරුන් මහ කරඬුවෙන් ඉවත් කරන ආභරණ රිදී බන්දේසියක තබා සුදු රෙද්දකින් වසා ලාකඩවලින් සීල් කරනු ලබයි. පසුව එම බන්දේසිය මහ කරඬුව අසලම තැන්පත් කෙරේ. නැවත එම ආභරණ මහ කරඬුවට පලඳන්නේ දළදා ප්‍රදර්ශනය අවසන් කරන දිනයේදීය.

මල්වතුඅස්ගිරි මහනාහිමිවරුන් දෙනම හා දියවඩන නිලමේ සතු යතුරු තුනෙන් කරඬු සත විවෘත කර දළදාව පිටතට වැඩම කෙරෙන්නේ රන් මාල ඉවත් කිරීමෙන් පසුවය. දළදා වහන්සේ පිටතට වැඩම කිරීමට පෙර මහනාහිමිවරුන් හා තේවාවේ නාහිමිවරුන් පිරිත් දේශනා කරති.

මේ අවස්ථාවේදී දියවඩන නිලමේවරයා සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී සිටිය යුතුය. එසේ දළදා කරඬුව විවෘත කිරීමෙන් පසු අස්ගිරි මහනාහිමිවරු දෙනම දළදා වහන්සේ සිය දෑතට ගනිති. දළදා වහන්සේ කරඬුවෙන් පිටතට වැඩමවන්නේ පිරිසුදු අලුත් පටලේන්සුවකිනි.

අනතුරුව පටලේන්සුවේ ඇති දළදා වහන්සේ දෝතට ගනු ලබන්නේ මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් විසිනි.දළදා වහන්සේ ප්‍රදර්ශන කරඬුවේද තැන්පත් කරන විශේෂ ක්‍රමයක් වේ. මේ සඳහා උපයෝගි කරගන්නා රන් කූරක් හා රන් නෙළුම් මලක් මෙන්ම රන් මුදුවක් වේ. එම භාණ්ඩ ඇතුළත් කර තිබෙන උපකරණය හඳුන්වන්නේරිදී පොල්ගෙඩියලෙසය. , එය පොල් ගෙඩියක් හා සමාන නිසාය. එම රිදී පොල් ගෙඩිය ඇත්තේද මහ කරඬුව ඇතුළේය. රන් නෙළුම, රන් කූර හා රන් මුදුව ඇතුළු කර මෙම රිදී පොල් ගෙඩිය අගුළු දැමීම කළ හැකිය.

දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන කරඬුවේ උඩ කොටස වීදුරුවලින් තනා ඇත. ඔබමොබ පෙනෙන අයුරිනි. මේ වීදුරු කරඬුවේ යට කොටස රනින් නිමවා ඇත. වට්ටෝරු රාල විසින් රිදී පොල් ගෙඩියේ ඇති රන් කූර, රන් නෙළුම හා රන් මුදුව ප්‍රදර්ශන කරඬුවේ සවි කිරීමෙන් පසු මල්වතු මහනාහිමියන් විසින් දළදා වහන්සේ එම රන් මුදුවේ රඳවනු ලබයි. අනතුරුව ප්‍රදර්ශන කරඬුව වීදුරු ආවරණයෙන් වසා ඊට අදාළ කොකු දමනු ලැබේ.

අනතුරුව හේවිසි මණ්ඩපයේ සිටින හේවිසිකරුවන් හේවිසි වාදනය කරන විට මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් විසින් දළදා වහන්සේ සහිත වීදුරු කරඬුව පිරිත් කොටුව දක්වා වැඩමවාගෙන එනු ලැබේ.

මෙහිදී දියවඩන නිලමේ නිල ඇඳුමෙන් සැරසී සිටියහොත් දළදා වහන්සේ සහිත කරඬුව මල්වතු මහනාහිමියන් විසින් ඔහුට භාරදෙනු ඇත. මල්වතු මහනාහිමියන් හෝ දියඩවන නිලමේ විසින් ගන්ධ කුටියේ සිට වැඩමවාගෙන එනු ලබන දළදා වහන්සේ සහිත කරඬුව පිරිත් කොටුවේදී භාරගනු ලබන්නේ අස්ගිරි මහනාහිමියන් විසිනි.

එසේ භාරගත් කරඬුව අස්ගිරි මහනාහිමියන් විසින් පිරිත් කොටුවේ ඇති රන්සිවි ගෙයි තැන්පත් කෙරේ. මේ සඳහා පෙරහරේ කරඬුව වඩම්මවන රන්සිවි ගෙය යොදා ගැනේ. දළදා වහන්සෙ සහිත කරඬුව තැන්පත් කිරීමට කුඩා කනප්පුවක් රන්සිවි ගෙයි රඳවා තිබේ. එසේම දෙපස කැටයම් කළ කුඩා ඇත් දළ යුගලයක්ද තැබේ.

දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන කාලය පුරාම මල්වතුඅස්ගිරි මහනාහිමිවරුන් දෙනම එම ස්ථානයේ වැඩ සිටීම සිරිතකි. එහිදී දළදා වහන්සේට උතුරු දෙසින් අස්ගිරි මහනාහිමියනුත්, දකුණුපසින් මල්වතු මහනාහිමියනුත් වැඩ සිටිති. ඇතැම් විට මහනාහිමිවරුන් විවේක ගන්නා අවස්ථාවක් වෙතොත් එම දෙපාර්ශ්වයේ අනුනාහිමිවරුන් මහනාහිමිවරුන් නියෝජනය කරමින් දළදා වහන්සේ දෙපස වැඩසිටිති.

ඊට අමතරව දියවඩන නිලමේද එහි රැඳී සිටී. එසේම මෙම ස්ථානයේ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාලවල බස්නායක නිලමේවරුන් හා පිටිසර දේවාලවල බස්නායක නිලමේවරුන්ගෙන් එක් අයකු බැගින් ප්‍රදර්ශන දිනවලදී දිනපතා මෙම ස්ථානයේ රඳවති. දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනු ලබන දින ගණන අනුව එම මුර සේවාවට නිලමේවරු පත් කෙරේ.

එසේම දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට මල් දීම සඳහා තේවා මුරට මල්වතුඅස්ගිරි පාර්ශ්වයන්හි පස් නම බැගින් හිමිවරුන් දිනපතා පත් කෙරේ.දළදා හේවිසි වැයීම සිදු කරන්නේ දළදා වහන්සේ ගන්ධ කුටියෙන් පිටතට වඩම්මවන විට හා නැවත ගෙවද්දන විට පමණි.

 දළදා මාලිගාවේකවිකාර මඩුවනමැති කලා ශිල්පීන් පිරිසක් වෙති. දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන කාලය පුරාම මෙම කවිකාර මඩුව බුදුගුණ ගායනා කරනු ලබයි.කවිකාර මඩුවට අමතරව දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන කාලවේලාව තුළමනාගසිංහම්නම් වාදනය කළ යුතුය. නාගසිංහම් වාද්‍ය වෘන්දයට කුඩා දමිළ බෙරය, කයිතාලම හා දමිළ නළාව අයත් වේ. දළදා වහන්සේ වෙනුවෙන් වාදනය කරනු ලබනනාගසිංහම්නායක්කාර් රජවරුන්ගෙන් පසුව එක්වූ විශේෂාංගයක් විය හැකිය. මේ සඳහා යොදාගනු ලබන්නේ දිග නළාවකි.

දළදා ප්‍රදර්ශනයකදී කවිකාර මඩුව හා නාගසිංහම් වාදනය කිරීම රාජ නියමයෙන් අනිවාර්ය කර තිබේ. දළදා ප්‍රදර්ශන කරන කාලයේදී දළදා වහන්සේ යළි ගෙවැද්දීමෙන් පසු දිනපතාම ආලත්ති අම්මලා විසින් ආලත්ති පෑමද අනිවාර්යයෙන්ම සිදු කෙරෙන්නකි. ආලත්ති අම්මලා කරඬුව ඇති කුටිය තිරයෙන් වැසු පසු තුළට වී එම චාරිත්‍රය ඉටු කරයි.

දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන දිනවල එම කාලසීමාව තුළ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එහි රැඳී සිටිති. දිනපතා පූජා කෙරෙන පඬුරු එදිනම ගණනය කර බැංකුගත කිරීම ඔවුන්ගේ එක් රාජකාරියකි. එසේම දළදා ප්‍රදර්ශනයේදී පූජා කෙරෙන රන් භාණ්ඩ හා පලඳනා ලේඛනගත කර වැඩ සිටින මාලිගාවේ පහළ මහලේ ඇතිඅරමුදලනමැති ගබඩාවේ තැන්පත් කිරීමට යොමු කිරීමද ඔවුන්ගේ තවත් රාජකාරියක් වේ.

මෙම පුදපඬුරු බැංකුගත කිරීම හා ප්‍රදර්ශනයකදී පූජා කෙරෙන ආභරණ ආදිය ලේඛනගත කිරීම ඇරඹී ඇත්තේ 1975න් පසුවය. , ආචාර්ය නිශ්ශංක විජයරත්න දියවඩන නිලමේ ලෙස පත්වීමෙන් පසුවය. එසේම මෙම දළදා ප්‍රදර්ශන කාලසීමාව තුළදී පූජා කෙරෙන අටපිරිකරද රැසකි. දළදා වහන්සේ ප්‍රදර්ශන දින අනුව තේවා මුරට අස්ගිරිමල්වතු විහාරවලින් දිනපතා පත් කෙරෙන හිමිවරුන්ට මෙම පිරිකර ලබාදීමේ සිරිතක්ද වේ.

නියමිත දින ගණන අවසන් වී‍මන් පසු දළදා වහන්සේ ප්‍රදර්ශන කරඬුවෙන් බැහැරට ගෙන කරඬු සත තුළ තැන්පත් කෙරේ. , උභයපාර්ශ්වීය මහනාහිමිවරුන් දෙනමගේ හා දියවඩන නිලමේගේ සහභාගිත්වයෙනි. මෙම අවස්ථාවට මහවිහාර දෙකේ අනුනාහිමිවරුන් හා තේවාවේ නාහිමිවරුන්ද සහභාගි වෙති. එසේ සත් කරඬුවේ දළදා වහන්සේ තැන්පත් කිරීමෙන් පසු මහනාහිමිවරුන් ඇතුළු සඟරුවන පිරිත් දේශනා කරති. මහ කරඬුවෙන් මුල් දිනයේදී ඉවතට ගෙන රිදී බන්දේසියක තබා සීල් කළ රන් ආභරණ යළි මහ කරඬුවට පැලඳවීම සිදු කරන්නේද ප්‍රදර්ශනය අවසන් දිනයේය. එම අවස්ථාව නිරීක්ෂණයට නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයකුද සහභාගි වේ.

මුල් දිනයේදී මෙන් වට්ටෝරු ලේකම් විසින් එම ආභරණ පිළිබඳ ලේඛනය කියැවී‍මෙන් පසු තේවාවේ නාහිමිවරුන් එම ආභරණ මහ කරඬුවට පලඳවනු ලබයි.ඉන් පසු දළදා දැක්ම අවසන්වේ.

Your email address will not be published. Required fields are marked *