ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ජාතික ජන බලවේගයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ජාතික ජන බලවේගයට

64 views
1

~ හෙක්ට බෙත්මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික~

අලුතින් පත්වෙච්ච ජනාධිපති තුමාගේ සාධනීය ලක්ෂණ තියෙනවා ජනාධිපති ධුරය සඳහා. ඒ නිසා, අපි කල්පනා කළා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා වට්ටවන්න ඇතැම් කුහක දේශපාලකයින් කැසපට ගහනවා, නමුත් අපි එකට ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රීමත් බණ්ඩාරනායක මැතිතුමා කිව්වේ, මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියල, ඒවගේම අපි දකිනවා මිනිසාට වඩාත් සේවය කරන්න පුළුවන් ආණ්ඩුවක් තමයි මේ අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව, ඒ ආණ්ඩුව හැමදාම තියෙන්න ඕන. හරි දේ කරන තාක් කල් ඒ ආණ්ඩුවට ශක්තියක් ලබාදෙන්න අපි තීරණය කරලා තියෙනවා. කිසිම වරදාන වරප්‍රසාද ලබාගන්න නෙවෙයි අපි සහය දෙන්නේ, මේ ආණ්ඩුව හරියට ගෙනියනකම් අපි අපේ සහයෝගය දෙනවා කියල අපි තීරණය කළා. ජනතාවට වරප්‍රසාද ලබාදෙන්න තමයි අපි පෙළ ගැහෙන්නේ.
ලබන මැතිවරණයට අපි තරඟ කරන්න බලාපොරොත්තුවක් නැහැ. තරඟ කලොත් අපි විරුද්ධ පක්ෂය වෙනවා, ඒ නිසා අපි චන්දෙ ඉල්ලනේ නැතිව, ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවට යවන්න අපි සම්පුර්ණ සහයෝගය දෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක වරු 40ක් විතර මාලිමාවට සහයෝගය දෙන්න කැමැත්ත පල කරලායි තියෙන්නේ.

Your email address will not be published. Required fields are marked *