රජයට නොවටින රෝගී ජීවිත.

රජයට නොවටින රෝගී ජීවිත.

6 views
0

සම සෞඛ්‍ය උපාධිධාරී එකමුතුව විසින් ඊයේ(28) මාධ්‍ය හමුවක් පැවැත්වුවා. 27 වැනිදා අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අන්තනෝමතික ලෙස පැවැත්වූ තරඟ විභාගයක් සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය ඉදිරිපත්කිරීම එහිදි සිදුවුණා. 

පරිපූරක වෛද්‍ය වෘත්තියට බඳවාගැනීම සම්බන්ධව මෙම තරඟ විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් වුව ද විශ්වවිද්‍යාල ආචාර්‍යවරු, විශ්වවිද්‍යාල සිසුන් මෙන් ම උපාධිධාරීන් ද වෘත්තීය සංගම්ද මෙම අන්තනොමතික තරඟ විභාගය පැවැත්විම සහ ඊට සහභාගී වීම පිලිබඳ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. එහිදී සම සෞඛ්‍ය උපාධිධාරීන් පුර්ණ වශයෙන් තරඟ විභාගය වර්ජනය කළ ද ඇතැම් පෞද්ගලික උපාධි ආයතන සහ විදේශිය උපාධිධාරීන් මෙම විභාගයට මුහුණ දුන් බව සඳහන් වේ.

එසේ ම නියමිත සුදුසුකම් සපුරා ඇති පිරිස් වෙනුවට මුදලට උපාධි ලබාගත් පිරිසක් වෙත රෝගීන්ගේ ජීවිතවල වගකීම ලබාදෙන්නෙ කෙසේදැයි ඔවුන් පවතින රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසා සිටියා. පසුගිය රජයන් විසින් ද මෙවැනි විභාගයක් පවත්වා උපාධිධාරීන්ට අසාධාරණක් සිදුකිරීමට උත්සහ කළ ද එල්ල වූ විරෝධතා හමුවේ එම තරඟ විභාගය නොපැවැත්වූ බවත් ඒ වෙනුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් කුසලතා අනුපිලිවෙල ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරමින් උපාධිධාරීන් සේවයේ පිහිටවු බවත් ඔවුන් සඳහන් කළේ එම ලැයිස්තුව නොසලකාහරිමින් වත්මන් රජය ගෙනයන මෙම ක්‍රියා පටිපාටිය පිළිබඳ දැඩි කළකිරීමෙන් පවතින බවයි.

Your email address will not be published. Required fields are marked *