
එළඹෙන අප්‍රේල් 27 වැනිදා සම සෞඛ්‍ය උපාධිදාරීන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත තරඟ විභාගය පිලිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. එහිදී ඔහු සම සෞඛ්‍ය උපාධි දාරීන් ඔවුන්ට විශේෂිත විෂයමාලා ඔස්සෙ වසර ගණනාවක් අධ්‍යාපනය ලබා අධ්‍යයනයන් සහ සුදුසුකම් සම්පූර්ණ කර තිබියදී කිසිදු අරමුණක් රහිත හුදෙක් සාමාන්‍ය දැනීම විභාගයකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන්නෙ ඇයිදැයි පැහැදිලි කරා. එසේ ම එම විභාගයෙහි කිසිදු වගකීමක් හො විනිවිදභාවක් නොමැතිකම ද ඔහු විසින් පැහැදිලි කළේ විභාගයට සහභාගී වියයුතු බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් අපේක්ෂකයින් උපාධි දාරින්ට ලබාදුන් පෞද්ගලික දුරකථන ඇමතුම්වල කඬපට ද ඉදිරිපත් කරමින් වීම විශේෂ වුණා.
ශිෂ්‍යයන්ගේ පෞද්ගලික දත්ත කිසිසේත් එම ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන පිරිස්වෙත ලබාදීම සහ දුර්කථන ඇමතුම් ලබාදි තර්ජනය කිරීමත් නිවෙස්වෙත ගොස් අදාල විභාගයට පැමිණිය යුතුම බව දැන්වීම යනාදී ක්‍රියාවන් දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින බව ඔහු ප්‍රකාශ කළා.
එසේම 27 වැනිදා පැවැත්වීමට නියමිත මෙම විභාගය අවලංගු කළ යුතු බවත් එසේ නොවේනම් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් ඕනෑම ආකාරයකට පෙනීසිටින බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.