ආණ්ඩුවට තව ටික කාලයක් දෙන්න. – ජනබලය සාමූහිකය-

ආණ්ඩුවට තව ටික කාලයක් දෙන්න. – ජනබලය සාමූහිකය-

8 views
0

ඊයේ (31) දිනයේදී ජන පැතුමට වගකියන ජන බලය සාමූහිකය විසින් මාධ්‍ය හමුවක් පැවැත්වු අතර එහිදී මහාචාර්‍ය නිමල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නංගර, නීතිඥ ප්‍රදිප් ජයරත්න, නන්දන වීරරත්න යනාදීන් වත්මන් ආණ්ඩුව සහ සමාජ තත්ත්වය පිළිබඳ සිය අදහස් පලකළා.
වත්මන් ආණ්ඩුව සමඟ කිසිදු සම්බන්දයක් නොමැති නමුත් මහජනතාව වෙනුවෙන් තමන් ආණ්ඩුව ආරක්ෂා කරගන්නා බවට අදහස් දැක්වූ මෙම සමාජ ක්‍රියාකාරීන් පවසා සිටියේ අරගලයකින් පසු බිහි වු දේශපාලනමය වෙනස්කමත් සමඟ බලයට පැමිණි ප්‍රබූ තන්ත්‍රය ඡන්ද නොපවත්වා බලය දිගටම රැක ගැනිමට උත්සහ කළ අතර මේවනවිට පැවැත්වීමට සූදානම්ව සිටින පලාත් පාලන මැතිවරණය පවා කල්දමන ලද මැතිවරණයක් බවයි.
2022 වසරේ ජනතාව නැගී සිටීම සමඟ එහි නියෝජනයක් ලෙස බලයට පත් රජය ප්‍රභූ දේශපාලනයට පරාජය අත්කළ බවත් එමඟින් වසර ගණනාවක තට්ටු මාරු දේශපාලන බලය බිඳීගිය බවත් ඔවුන් අදහස් දැක්වුවා.
මිට පෙර ආණ්ඩුවලට නොතිබුන ජනතා වරමක් මේ ආණ්ඩුවට සතුවුව ද සංකීර්ණ තත්ත්ව යටතේ ඇතැම් කොන්දේසිවලට යටත් වීමට ආණ්ඩුවට සිදුවී ඇතිබවත් එය උපහාසයට හෝ හාස්‍යයට කරුණක් නොවන බවත් රංජිත් දේවසිරි ප්‍රකාශ කළා.
ආණ්ඩුව වෙනස් වුව ද රාජ්‍ය නිලධාරි තන්ත්‍රය වෙනස් වී නොමැති බවට ජනතාව අතරින් යම් විවේචන ඉදිරිපත්වන බවත් ඒවා විසඳීමට රජය කඩිනමින් ක්‍රියාකළ යුතු බවත් තවදුරටත් ඔවුන් ප්‍රකාශ කළා. එසේ නොවන්නෙ නම් ජනතාව විසින් එළඹෙන පලාත් පාලන මැතිවරණයේදී ජනතාව විකල්ප තෝරාගැනීමක් වෙත යා හැකි බවට ද ඔවුන් අදහස් ප්‍රකාශකළා.

Your email address will not be published. Required fields are marked *