
ජාතික ජනබලවේග ආණ්ඩුව පළමු අයවැය ඉදිරිපත් කිරීම සමඟ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් සංශෝධනය කරමින් නිකුත් වූ චක්‍රලේඛනයට අනුව පහළ ශ්‍රේණිවල සිටින නිලධාරීන්ට සිදුව ඇති අසාධාරණය මෙන් ම එම චක්‍රලේඛ සකස්කිරීමේදී අදාළ වගකිවයුතු නිලධාරීන් විසින් සිදුකර ඇති අක්‍රමිකතාවයන් සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (28) සමස්තලංකා වෘත්තිය සමිති මධ්‍යස්ථානයේදි පැවැත්වුණා.
80% ක් රාජ්‍ය සේවකයන්ගේ ඡන්ද මඟින් බලයට පත් වූ පළමු කම්කරු ආණ්ඩුව ලෙස විශ්වාස කරන ජාතික ජන බලවේග ආණ්ඩුව ශක්තිමත්ව කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනීසිටි නායකයන්ගෙන් සන්නද්ධ වූවත් ඔවුන් දැං තම ප්‍රතිපත්තීන් පාවාදෙමින් රාජ්‍ය මුදල් කොල්ලකෑමේ යෙදී සිටින බව ප්‍රකාශ කළ වෘත්තීය සමිති සම්මේලනය තවදුරටත් සඳහන් කළේ ඉතිහාසයේ පළමු වතාවට වැටුප් සංශෝධනයකින් පසු, අතිශය අසීරුවෙන් ජීවන බර දරාගන්නා රාජ්‍ය සේවකයන්ට ලැබෙන වැටුප ක්‍රමිකව අඩු වීමක් සිදුවි ඇති බවයි. සංශෝධන සකස් කල නිලධාරීන් 1:4 අනුපාතයක් දක්වමින් ඉහළ තලවල නිලධාරීන්ගේ මඩිය තරවන වැටුප් සංශෝධනයක් ගෙන එමින් පහළ ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන් කබලෙන් ලිපට ඇද දමා ඇති බව ඔවුන් ප්‍රකාශ කළේ සංශෝධනය වූ වැටුප අප්‍රේල් මාසය තුළදී ලබාගන්නාවිට රාජ්‍ය සේවකයාගෙන් රජයට කිනම් ප්‍රතිචාරයක් හිමිවේද යන්න සැකසහිත බව ද සඳහන් කරමින්.
අයවැය යෝජනාවන් ඉදිරිපත් කිරීමට පළමුව වෘත්තීය සමිති එකමුතුවක් ලෙස ජනාධිපතිවරයාට යොමුකළ “මූලික වැටුපට රුපියල් 25000ක දීමනාවක් එකතු කිරීම , 2016 වසරේ අවස්ථා 5 දී ලබාදුන් රුපියල් 10000ක දීමනාව 2016 වරෙන් පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ටද ලබාදීම, 2016 පසු රාජ්‍ය සේවයට පැමිණි රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් අයිතිය අහෝසිවීම වැළක්වීම , වැටුප් කොමිසමක් පත්කරමින් රාජ්‍ය සේවකයන්ට වැටුප් බෙදාදීමේ ඇති විෂමතා අවම කිරීම, රාජ්‍ය සේවකයන්ගෙ මූලික වැටුප හා සබැඳි දීමනා සියල්ල ලබාදීම”යන යෝජනා පහ අතරින් වත්මන් කම්කරු රජය ඉටුකිරීම සමත්ව ඇත්තේ එක් යෝජනාවක් පමණක් බව ද ඔවුන් කණගාටුවෙන් යුතුව සඳහන් කළා. එසේ ම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ලෙස ම රටෙහි අනෙකුත් සේවාවන්හී වෘත්තිකයන් වෙනුවෙන් පෙනීසිටීමට ක්‍රියාකරන ලෙසත් ඉදිරිපත් කළ වැටුප් සංශෝධනය නැවත සමාලෝචනය කර හෝ පොදුවේ සියලූම රාජ්‍ය සේවකයන්ට විකෘති සූත්‍රයන්ගෙන් තොර වැටුප් වැඩිවීමක් සිදුකරදෙන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලීමක් සිදුකළා.