බස් මොඩිෆයි කළේ ක්ලබ් යන්න බැරි ජනතාව වෙනුවෙන්.

බස් මොඩිෆයි කළේ ක්ලබ් යන්න බැරි ජනතාව වෙනුවෙන්.

10 views
0


සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සංගමයේ නිලධාරින්ගෙ ප්‍රධානත්වයෙන් කැඳවූ මාධ්‍ය හමුවක් අද (07) එම මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. සම්පත් රනසිංහ( එකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථාන සභාපති), පී. ඒ. දයාරත්න( නවීකරනය කරන ලද විශේෂ චාරිකා බස් සංගමයේ සභාපති) සහ  සුජිත් ජයරු( සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමයේ නියෝජිත) යන සාමාජිකයන් විසින් මේවන විට පෞද්ගලික බස් රථ සහ ත්‍රී රෝද රථ මුහුණ දී ඇති නවීකරනය කළ කොටස් ඉවත්කිරීම සහ උපාය දූතයන් මාර්ගයෙන් දඩ නියම කිරීම සම්බන්ධව සිය ස්ථාවරය ප්‍රකාශ කළා. 

බස් රථ අලංකරණය කිරීම් නීතියෙන් තහනම් වුවත් මේවන තෙක් ඒ සඳහා පොලීසිය කිසිදු ක්‍රියාමර්ගයක් නොගෙන සිට හදිසියේ අනවශ්‍ය ලෙස ඊට මැදිහත්වෙමින් ක්‍රියා කිරීම අසාධාරණ බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඒ අදාල අංශ දැනුවත්කරමින් සංගම් සහ වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන් මෙම අලංකරණ කටයුතුවලට අවසර ලබාගෙන ඇති බවත් ඔවුන් සඳහන් කළා. එසේම සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා බස් රථ, විශේෂ චාරිකා සඳහා වෙන්කළ බස් රථවලට වෙන් වෙන්ව භාවිතා කළ හැකි අලංකරණ අංග 18ක් පිළිබඳ ගැසට් නිවේදනයකින් දැනුවත් කර ඇති බවත් මගීන්ට පහසුවක් සහ ඔවුන්ගේ ආකර්ශනය බලාපොරොත්තුවෙන් එම නවීකරණයන් සිදුකළ බවත් ඔවුන් ප්‍රකාශ කළා. එසේම ඔවුන් ඊට සහන කාලයක් ලෙස අවම මාස 06 ක් හෝ ලබාදෙන ලෙස ද ඉල්ලිමක් ද කළා. 

නවීකරණය කරන ලද විශේෂ චාරිකා බස් රථ හුදෙක් විනෝදාස්වාදය අරමුණු කරගත් මගීන් වෙනුවෙන් නිර්මාණය කර ඇති බවද, සමාජශාලා(club) වෙත යාමට තරම් මුදල් නොමැති නිසාවෙන් මෙලෙස විකල්ප නිර්මාණ නව පරම්පරාවේ පිරිස් අතර ජනප්‍රිය වී ඇති බවද ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. 

Your email address will not be published. Required fields are marked *