විජේසිරි බස්නායක මන්ත්‍රීවරයාට පහර දුන්නේ පැරදුණු දේශපාලඥයෙක්ගේ කණ්ඩායමක් ද?

විජේසිරි බස්නායක මන්ත්‍රීවරයාට පහර දුන්නේ පැරදුණු දේශපාලඥයෙක්ගේ කණ්ඩායමක් ද?

19 views
0


බිංගිරිය බෙන්ජි ඇගළුම් නිෂ්පාදන ආයතනය අසලදි ඊයේ දිනයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් කප්පම් ගැනීමට පැමිණියේ යැයි පවසමින් පිරිසක් විසින් ඇතිකරගත් ගැටුමක් සම්බන්ධව හිටපු බිංගිරිය ප්‍රාදේශීය කමිටු සභාපති ශාන්ත බණ්ඩාර මාධ්‍යවෙත අදහස් පලකළා. ඔහුගේ අදහස අනුව නව රජය පත්කිරීමට තම ඡන්දය භාවිතා කළ බහුතරයක් සිටින එම ඇගළුම්හලෙහි ප්‍රවාහන සේවාව ටෙන්ඩර් ක්‍රමයක් මගින් පවත්වාගෙන යාමට කළ යෝජනාවක් අනුව මෙම ගැටුම පැනනැගී ඇති අතර පෞද්ගලික ආයතනයක් වන එහි පාලනාධිකාරියට පමණක් එම තීරණ ගැනීමේ පූර්ණ අයිතිය හිමි වන බවයි. එසේ ම මෙතෙක් කිසිදු ආණ්ඩුවක් හෝ දේශපාලන පක්ෂයක් එම ආයතනයේ ප්‍රවාහන සේවාවන් වෙත කිසිදු ආකාරයක බලපෑම් කර නැති බවත් ඉන් කොමිස් මුදලක් උපයන දේශපාලඥයන් සිටීයැයි ගෙනයන අසත්‍ය ප්‍රචාරයන් පිලිබඳ කණගාටුවන බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කළා. කිසියම් පිරිසකගේ මෙහෙයවීම මත විජේසිරි බස්නායක මන්ත්‍රීවරයා නොදැනුවත්ව එම තරුණයන්ගේ ජීවනෝපායට ගැටලුවක් ඇතිවන ලෙස කටයුතු කිරීමට උත්සහ කරන්නට ඇති බවත්, ඒ නිසාවෙන් ප්‍රදේශවාසීන් සහ අදාළ සේවක පිරිස ඔවුන්ගේ ආවේගය ගැටුමක ස්වරූපයෙන් පිට කරන්නට ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කළා.

Your email address will not be published. Required fields are marked *