අනුර අරගලය අවභාවිතා කරයි ද?

අනුර අරගලය අවභාවිතා කරයි ද?

37 views
0

ශ්‍රී ලංකාව තුළ මෑතක සිට සිදුවිය නොහැකි යැයි බොහෝදෙනා අදහස් පලකළ ආශ්චර්‍යයන් සිදුවෙමින් පවතින බවට ඊයේ(27) පැවති මාධ්‍ය හමුවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර ගුණරත්නම් සඳහන් කළා. ජන බලයකින් තොරව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහට සිය ජනාධිපති ධූරය අහිමි වීම, සියයට තුනේ කණ්ඩායම යැයි උපහාසයට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක බලයට පත්වීම, ජනාධිපතිවරණයෙදි මෙන් ම මහ මැතිවරණය තුළදීත් නම ගිය පැරණි දේශපාලන පක්ෂ සහ දේශපාලන බල කණු ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම යනාදිය එකී ආශ්චර්‍යයන්වල ඉහලින් ම පවතිනබවයි ඔහුගේ අදහස වුණේ. එසේ ම මේ සිදුවිය නොහැකි යැයි සැලකූ සියල්ල සිදුවීමේ මූලාරම්භය වූයේ ජූලි 09 අරගලය බව සදහන් කළ කුමාර ගුණරත්නම් තවදුරටත් පැවසුවේ මේ සියල්ල මහජන බලය මත රඳාපවතින බවයි.
අරගලයේදී වගේ ම ශක්තිමත් විපක්ෂයක් පිහිටුවීමේ ක්‍රියාවලියේදී ජනතාව සමඟ එක්ව නැගීසිටින බවත් අරගලය සඳහා නියම නායකත්වය ලබාදුන් පිරිස කවුරුන්දැයි ජනතාව හරියාකාරව තේරුම්ගතයුතු බවත් ප්‍රකාශ කළ කුමාර ගුණරත්නම්
තවදුරටත් සඳහන් කළේ වත්මන් ආණ්ඩුවෙහි අර්ථිකමය ප්‍රතිපත්තීන් , ඉන්දීය බලපෑම් සහ රටට එල්ලවන බලහත්කාරකම් දෙසත් විමසිල්ලෙන් පසුවන බව හා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්කරමින් ජනතාව අපේක්ෂා කළ වෙනස ජනතාව වෙත ලබාදීමේ ක්‍රියාවලිය කෙසේ ඉටුකරන්නෙ දැයි පක්ශයක් ලෙස අවධානයෙන් පසුවන බවයි.

Your email address will not be published. Required fields are marked *