රාජපක්ෂවරුන් විසින් සොරාකෑ රාජ්‍ය මුදල් නැවත රටට ගෙන්වාගැනීම සුළු වැඩක් – ආචාර්‍ය චානක සේනානායක

රාජපක්ෂවරුන් විසින් සොරාකෑ රාජ්‍ය මුදල් නැවත රටට ගෙන්වාගැනීම සුළු වැඩක් – ආචාර්‍ය චානක සේනානායක

52 views
0

මහමැතිවරණ උණුසුමත් සමඟ දේශපාලන වේදිකාවල විවිධ වූ ප්‍රවෘත්ති නිර්මාණය වෙනව. පසුගිය ඔක්තෝබර් 24 වැනිදා ආචාර්‍ය චානක සේනානායක විසින් තම මැතිවරණ ව්‍යාපාරය සඳහා කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඉදිරිපත්කළ ගැටලුවක් හමුවේ අදහස් පළකිරීමින් රාජපක්ෂ එකමුතුවේ මූල්‍යමය වංචාවන් පිලිබඳ දීර්ඝ විස්තරකිරීමක් සිදුකළා.
එහිදී ඔහු විසින් ප්‍රකාශ කළේ කිසිදු දේශපාලකයෙක් රාජපක්ෂ යන නාමයට කිසිදු චෝදනාවක් කිරීමට පැකිලෙන සමයක රාජ්‍ය මුදල් වංචා කිරීම සහ විදෙස් රටක ඒවා සඟවා තැබීම පිළිබඳ තොරතුරු ” StAR (Stolen Asset Recovery ) Programme” හරහා තමන් රටට හෙළිකල බවයි. එසේ ම මෙ වනවිට ඉන් ඔබ්බට ගොස් එම මුදල් නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන්වාගැනීමේ සැලසුම් ද තමන් සතුවන බව චානක සේනානායක මහතා ප්‍රකාශ කළා.
වත්මන් ජනාධිපතිවරයාට ද මෙම මුදල් නැවත රටට ගෙන්වා රටේ සංවර්ධනයට යොමුකිරීමේ පළමු පියවර තැබීමේ හැකියාව තිබුන ද ඒ සඳහා අනුර කුමාර දිසානායක මහතා කිසිදු සූදානමක් නොමැතිබවත්, එ නමුත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති තුමන් තමන්ගේ ප්‍රයත්නයට සහය පළ කළ බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

Global Financial Integrity ආයතනය 2015 නිකුත්කළ වාර්තා අනුව 2004-2014 කාලසීමාව තුළ ඩොලර් බිලියන 19ක මුදලක් මෙරටින් සොරකම් කර ඇති බව මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශකළ චානක සේනානායක මහතා පැවසුවේ රාජ්‍ය නායකයා විසින් “StAR” වැඩසටහන මෙරටට අනුගතකර ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලිමක් කරන්නේ නම් මෙම මුදල් නැවත ගෙන්වාගැනීමට හැකියාව උදාවන බවයි. චානක සේනානායක මහතා ඊට අමතරව ද වත්මන් දේශපාලන තත්වය පිළිබඳව අදහස් බොහෝමයක් ඉදිරිපත් කළා.

Your email address will not be published. Required fields are marked *