මේ විධායක බලතල ලැබුනට තවම අත්දැකීම් රහිත පාලනයක් තියෙන්නේ.

මේ විධායක බලතල ලැබුනට තවම අත්දැකීම් රහිත පාලනයක් තියෙන්නේ.

81 views
0

විපක්ෂයක් වශයෙන් අපි ශක්තිමත් විය යුතුයි අණ්ඩුවේ ගමනට සහය දෙන ශක්තිමත් විපක්ෂයක් හදනවා සුවන්ති වීරසේකර කියයි

මිනිස්සු නම් කියන්නේ රනිල් වික්‍රමසිංහ යි සාගල මැති තුමයි හැර අනිත් ඔක්කොම අලුත් අමාත්‍යංශ වලත් ඉන්නවා කියලයි. හැබැයි ඉතින් අපි බලමු ඉස්සරහට මොකද කරන්නේ කියල. දැන් ඉල්ලනවනේ තුනෙන් දෙකක බලයක්. නමුත් මම කියන්නේ තුනෙන් දෙකක බලයක් කාටවත් දෙන්න එපා කියලයි. ප්‍රභල විපක්ෂයක් එක්ක සජිත් ප්‍රේමදාස එක්ක අනුර කුමාර ගියා නම් මම හිතනවා මේක හොඳට කරගෙන යන්න පුළුවන් කියල.

කළා වැවේ සොරොව්ව ඇරිය වගේ ඔක්කොම චන්දය දීල 2/3 ක් දීල අපිට තාවකාලික ජනාධිපති කෙනෙක් ද පත්කරන්න ඕන කියල ජනතාවගෙන් අහන්න කැමතියි. රට කරන්න PHD ඕන නැහැ. ඕන තරම් ව්‍යවස්ථා සංශෝධන කරලා තියෙනවා 2/3ක් ක බලයක් නැතිව. 2/3ක බලයක් ලැබුනොත් තමයි ඒකාධිපති පාලනයකට එන්නේ. සියලුම පක්ෂ වල ඉන්න හොරු අයින් කරලා මොලේ තියෙන බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට ගෙනෙන්න ඕන. අපි කියනවා රටේ තියෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියල.

Your email address will not be published. Required fields are marked *