
අනීතික මර්ධනය, අසාධාරණය බදු ප්‍රතිපත්තිය, විශ්‍රාම වැටුප් අහෝසි කොට දායකත්ව විශ්‍රාම වැටුපකට යෑම, දරාගත නොහැකි ජීවන බර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම, විදුලි බිල දරාගත නොහැකි තත්වයක් ඇතිබව පවසමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද පස්වරුවේ විරෝධතාවක් මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය අසලදී පැවැත්විණි.
ඒ සදහා තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ ගුරුවිදුහල්පතිවරුන් බොහෝ පිරිසක් කළු ඇදුමින් සැරසී කලුපටි පැළද එක්ව සිටියහ. තවද පාසල් වේලාවෙන් පසුව මෙය පැවැත්වීම විශේෂත්වයක් විය.
ජීවන වියදමට සරිලන දීමනා ලබා දෙනු. අසාධාරණ ඉහළ දැමූ විදුලි බිල වහා හකුලා ගනු . වැටුප් මත අය කරන බද්ධ ඉවත් කරනු. ආදී විරෝධතා පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව පැයක පමණ කාලයක් විරෝධතා ගේ පැවැත්විණි
~ චන්දන ~