අපේම ගැටලු වලට විසදුම් සොයාගත නොහැකි පරිහානික ජාතියක, මුළු මහත් ලාංකීය ජනතාවක් අපවිසින්ම දනුවත්ම ස්වයං විනාශයක මුවවිටටම කැඳවා ගත් මොහොතක, සියලුම වෙනස්කම් දුරලා කිසියම් වෙනසක් නොව, සැබෑ සමාජ පර්වර්තනයක් සඳහා දායකවීමට එකමුතු වෙනවා වෙනුවට සියලුම දේශපාලන පක්ෂ, දේශපාලන චක්‍රවර්තීන්, සමාජ සෝධකයින්, සියලුම ආගමික නායකයින් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් වම දකුණ භේදයකින් තොරව වියයුතු පරිවර්තනය ගැන ක්‍රියාශීලී නොවී තම බලය, වාසිය සහ පැවැත්ම ගැන පමණක්ම සලකා කරගෙන යන විවිධ මාදිලියේ සංවාදයන් හා ඉදිරිපත් කරන විසදුම් හාස්‍ය ජනකය. අවුරුදු 74 ක් පුරාවට මෙතෙක් රට පාලනය කල සියලුම දේශපාලන පක්ෂ, රාජ්‍ය නායකයින් නිර්ධය විවේචනයට ලක්කල, දේශපාලන, ආර්ථික, සාමාජීය හා පර්යේෂණාත්මක මාධ්‍යයකරණයේ විශාරධයෙකු යයි කියාගන්නා වික්ටර් අයිවන් විසින් බැසිල් රාජපක්ෂ නමැති (කපුටා නොව) නරියාට, රට ගොඩගැනීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම තරම් “ප්‍රහසනයක්” වයසින් දැනට දසක හයක් ඉක්මවූ මේ ලියුම්කරු අත්දැක නැත.
විසදුම් ඉදිරිපත්කරමින්, නායකත්වය ඉල්ලමින් රට ගොඩ නගන්නට යයි කස කරකවන සියලුම ගැලවුම්කාරයින් තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, පිළිතුරු ලෙස පස් අවුරුදු දරුවන් මෙන් “මගේ සෙල්ලම් බඩුව, ඔයාගේ එකට වඩා ලොකුයි, ලස්සනයි හෝ හොදයි” කීම නොව, අපේ රට ගොඩ නගන්නට, අවංකවම උන්ගෙන් කැප කල හැකි ලෞකික දේවල ලැයිස්තුවක් ජනතාවට ඉදිරිපත් කිරීමයි.
පළමුවත්, දෙවෙනුවත් තෙවෙනුවත් මගේ රට යනුවෙන් ලය පාරවා ගන්නේ නැතුව, නායකයින් යයි කියාගන්නා සුවිශේස හා අවශේෂ දුග්ගන්න රාලලා කලයුත්තේ කැප කල හැකි ලෞකික දේවල ලැයිස්තුවක් ජනතාවගේ දැනගැනීම සදහා රටට ඉදිරිපත් කිරීම නොවේද?. එවිට ජනතාවට ඔවුන්ගේ සැබෑ අධ්‍යාශය කිරා මැන බලා, සැබෑ ලෙසම ආදරය කරන නායකයා හදුනාගෙන ජනමත විචාරණයකින්, රට බාර දීමට නොව, තාවකාලික බාරකාරයා කරගත හැකිය.
එමෙන්ම, තෝරා පත්කරගන්නා නායකයාව, ජනතාවට රිසි ඕනෑම විටක, ජනතාවට පෙරලා බලය පැවරෙන ජනතා අභිලාසයන් සපුරාලන ජනතා ව්‍යවස්තාවකින්, ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නගමින් එම නායකයා තවදුරටත් තබා ගැනීම හෝ බලයෙන් නෙරපා හැරීම කලහැකිය.
පොදු ජනතා සංවාදයට විවුර්තයි.