මාර්ටින් වික්‍රමසිංහ සුරීන් සිය උපන්දා සිට කෘතියෙහි, කොග්ගල ගැමියෙකු තමාට ඇති එකම පොල්ගසින්, තම සිව් හැවිරිදි පුත්‍රයා ගසට යවා, වතුර වීදුරුවක් ඉල්ලා කඩුල්ල ලගට පැමිණි ආණ්ඩුකාර වරයෙකුගේ මුළු පවුලේම සා පවස කුරුම්බා වතුරින් නිවා, ඒ වෙනුවට ආණ්ඩුකාරයා මුදල් දිගු කරද්දී තම ආගන්තුක සත්කාරය මිලකිරීම ගැන උරණ වී ඒ මුදල් ප්‍රතිෂේප කල ගැමියාම, ඉන් අවුරුදු කිහිපයකට පමණ පසු මාර්ටින් වික්‍රමසිංහ දුම්රියෙන් බැස ගෙදරයද්දී පිටුපසින් පැමිණ ලජ්ජාවෙන් ඇඹරෙමින් ශත විසිපහක් ඉල්ලු සැටි විස්තර කරන්නේ, දිවසින් හෝ අපේ වර්තමාන අගමැති හා මුදල් ඇමති, බංගලිදේශයේ අගමැතිනියවූ ෂේක් හසීනා මැතිනියගෙන් ඩොලර් මිලියන දෙසීයක් නයටගන්නා බව දැනගෙනම විය යුතුය.
පරිහානික සමාජයක්ම අපේක්ෂාකරන, මානව ශිෂ්ටාචාරයේ මුල සිටම එකතුකරගෙන ආ, සාධනීය වටිනාකම් වෙනුවට, නිශේධනීය ගුණමකු කම් වපුරවමින්, ජාතිය, ආගම හා භාෂාව විනාශ වේ යයි සිතමින් ඒ අංකුර සිතුවිල්ලෙන් ම මහදවල් මිනිමරනා, දුක්විදින ජනතාවගේ බදු මුදල් මංකොල්ලකමින් නීතියේ පිහිටද ඇතිව නිදහසේ වැජබෙන චෞරයන් ඔටුනු පළඳවා ඇති රටක ” පාලකයින්ගේ දොස් නොදකින, දොස් නොකියන ගෙදරකින් අබ ඇට හොයනා” කිසා ගෝතමයෙක් එනතුරු කනසල්ලෙන් තිසරණ කෙසේ වෙතත් සඟ සරණ අසරණවී ඇත.
අපි වෙනස් කරන්නට, වෙනස් වෙන්නේ කවදාද? කුමන ව්‍යසනය හමුවේද? කා වෙනුවෙන්ද? දැනටත් පමාවුවා වැඩි නැත්ද?
හොඳ මිනිසුන් ඕනැ කර තිබේ. ලාංකීය ජනතාව ගොඩනැගීමට, ගොඩදැමීමට අලුත් මිනිසුන් උවමනා කර තිබේ. රට, ජාතිය, ආගම, භාෂාව හෝ නර නාරී තාව සුදුසුකමක් ලෙස නොසැලෙකේ – හොඳ මනුෂ්‍යයෙකු බව ක්‍රියාවෙන් ම සහතික කල යුතුවේ.