

දින දෙකක් ඇතුළත අපරාධ රහස් රැසක් සමඟ පාතාලයේ අලුගෝසුවන් දෙදෙනෙක් ඝාතනයට ලක්වීම ඉතා භයානක තත්ත්වයක්. දෙදෙනාගේ අතීත භාවිතාවන් පිළිබඳ විවිධ තර්ක, ගුණ අගුණ මේසය මතට ගෙන ඒමේ හැකියාව කෙසේ වෙතත් පොදුවේ ගත් කළ මේ ජාතික ආරක්ෂාවෙහි පවතින සිදුරුවලට ඉතා පැහැදිලි නිදර්ශකයක්. සරලව ම මහජනතාව ලෙස අපි මේ පිළිබඳ මීට වඩා තැකිය යුතු වෙනවා.
අරුණ විදානගමගේ හෙවත් “කජ්ජා” නාදුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඊයේ රාත්‍රියේ මිය යනවා. සංවේදීම කාරණයක් නම් ඊට ඔහුගෙ කුඩා දරුවන් දෙදෙනා ද ගොදුරු වීමයි. මෙම ඝාතනයේ උණුසුම අතරතුර ම අද අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංජීව කුමාර සමරරත්න නොහොත් ” ගණේමුල්ලෙ සංජීව(මාකලන්ගමුවෙ සංජීව)” වෙඩිතබා ඝාතනය කරන්නෙ නීතිඥයෙක් ලෙස අධිකරණ සංකීර්ණයට ඇතුළු වූ මොහොමඩ් අස්මාන් ශෙරිෆ්ඩින් නැමැති හිටපු ආරක්ෂක අංශ සාමාජිකයෙක් බව මෙ වන විට හඳුනාගෙන තිබෙනව.
මේ සිදුවීම් සමඟ ජාතික ආරක්ෂාව, නියෝජ්‍ය ඇමතිවරයගෙ හැසිරීම,අධිකරණ ඇමතිවරයාගේ මීළඟ පියවර යනාදිය ප්‍රශ්නකරන අතරතුර ම ප්‍රශ්නකළ යුතු සහ අවධානය යොමුකළ යුතු අවශේෂ සාධක බොහෝමයක් පවතින බව පැහැදිලි වෙනවා.
සන්නද්ධ හමුදා රැඳීසිටින , පොලීස් නිලධාරීන් සිය ගණනක් ගැවසෙන අධි ආරක්ෂිත කලාපයක් තුළ මෙවැනි වෙඩි තැබීමක් සිදුවූයේ කාගේ නොසැලකිල්ල මත ද යන්න ඉන් ප්‍රධාන ගැටලුවක්. එයිනුත් ආරක්ෂකයින් 12 දෙනෙකු යොදවා ආරක්ෂාව සපයා සිටි මෙම අපරාධකරු අධිකරණ සංකීර්ණයේ විත්තිකූඩුව තුළදී ඝාතනයට ලක්වීමේ වගකීම පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ විසින් දැරීමට සූදානම් ද? එසේ ම ඝාතනයෙන් පසු ඝාතකයා සහ ඔහුට සහය දැක්වූ බව කියන කාන්තාව කිසිදු බලපෑමකින් තොරව අධිකරණ සංකීර්ණයෙන් ඉතා පහසුවෙන් පිට වූයේ කෙසේ ද ? කාගේ උපකාර මත ද?
වෙඩි ප්‍රහාරයෙන් පසු අසාධ්‍යව සිටි ගණේමුල්ලේ සංජීව, විත්ති කූඩුව තුළ වැටී සිටියදීත් ඊට අවශ්‍ය ප්‍රථමාධාර හො රෝහල්ගතකිරීමක් වැනි ක්‍රියාමර්ගයකට එළඹීමේ තීරණයක් ගැනීමට පොලීස් නිලධාරීන්ට නොහැකි වූයේ ඇයි? එසේ නොකීරීමට කාගේ හෝ බලපෑමක් ක්‍රියාත්මක වූයේ ද?
අපරාධය සිදුවී පැය 6 ක් ඉක්මයාමට ප්‍රථම ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වුවත් ඔහු සතු ව්‍යාජ නීතීඥ හැදුනුම්පත සහ එහි අන්තර්ගත ව්‍යාජ තොරතුරු, වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝලය අධිකරන සංකීර්ණය වෙත රැගෙනවිත් තිබූ ආකාරය සලකාබලන විට මෙම සංවිධානාත්මක අපරාධය පිටුපස ඇති අභියෝගය සහ උපහාසය එල්ලවන්නෙ කා දෙසට ද ? කිසිදු පීඩනයක් හෝ කම්පාවීමකින් තොරව සැහැල්ලුවෙන් සිටින ඝාතකයාට එලෙස විශ්වාසනීයව තර්ජනයකින් තොරව සිටීමේ ඉඩකඩ සකස්කර ඇත්තේ කවුරුන් ද?
බූස්ස බන්ධනාගාරයෙ රඳවා සිටි මෙම සැකකරු අදදින කොළඹට රැගෙන එන බවත් කිසිදු අධිකරණ නියෝගයකින් තොරව වුවත් විශේෂ හේතුවක් මත ඔහු අධිකරණයට ඉදිරිපත්කරන බවත් මෙම සංවිධානාත්මක පිරිස දැනුවත් වූයේ කෙසේ ද?
එසේ ම බරපතල ම ගැටලුව වන්නේ මෙකී පාතාල සාමාජිකයන් නිහඬ කිරීමෙන්, ඔවුන් සිදුකිරීමට සූදානම් වූ පාපෝච්චාරණය නැවැත්වීමේ වාසිය හිමිවන්නෙ කාහට ද යන්නයි. දේශපාලනික මෙන් ම සාමාජයීය වශයෙන් පිළිලයක් වූ අපරාධකරුවන්ට දඩුවම් හිමිවේයැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටින කාලයක නැවත මේ ඝාතන මතින් නැගීසිටින අපරාධ රාජ්‍යයේ බලවත් බව පමණක් සිහි තබාගත යුතු ය.