2019 වසරේ සිට රුහුණු විශ්වවිද්‍යාලය තුළ විව්ධ අන්දමින් ක්‍රියාත්මක වන ශිෂ්‍ය මර්දන ක්‍රියාවලීන් සහ ඒවාට සෘජුව වගකිව යුතු රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන මහාචාර්යවරයාගේ අන්තනෝමතික ක්‍රියාවලීන්ට එරෙහිව ස්වාධීන කොමිසමක් පත්කර කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට කරුණු අවධාරණය කරමින් අද (2024.10.23) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය එක්ව මාධ්‍ය හමුවක් පැවැත්වුවා.
එහිදී තම අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ප්‍රකාශ කළේ මහාචාර්ය සුජීව අමරසේන මහතා සහ ඔහුගේ හිතවත් පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව විශ්වවිද්‍යාල භූමියේ සහ නේවාසිකාගර තුළ දැඩි මර්දනකාරී වටපිටාවක් ගොඩනගමින් සිටිනබවයි. ශිෂ්‍යයන්ගේ අයිතීන් මෙන් ම එල්ලවන විරෝධතාවයන් ද නොතකමින් උපකුලපතිවරයා විසින් විද්‍යාර්ථින්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, පන්ති තහනම් කිරීම් සහ භූමි තහනම් මෙන් ම නේවාසිකාගාර තහනම් කිරීම් ද රාශියක් සිදුකර ඇති බව තවදුරටත් ඔහු ප්‍රකාශ කළා. එහිදී 2019 වසරේ පන්ති තහනමට ලක්වූ එවකට රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එරංග පුෂ්පික සහ හිටපු ලේකම් ඉන්දික විදානපතිරණ යන අයට තවමත් එම පන්ති තහනම බලපැවැත්වෙන අතර අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසුව ද ඔවුන්ට කිසිදු විභාග කටයුත්තක් සඳහා පෙනීසිටීමට අවස්ථාව ලබා නොදී පීඩකයාව පමණක් නිදොස්කොට නිදහස්කර ඇති බවට ඔවුන් කරුණු ඉදිරිපත් කළා. අවසාන් වශයෙන් ඔවුන් සඳහන් කළේ, විද්‍යාර්ථීන් පමණක් නොව පීඩනයට සහ අසාධාරණයට ලක්ව ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යන කාර්යමණ්ඩලය ද වත්මන් රජය මේ සඳහා ගණුලබන ක්‍රියාමාර්ග කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන බවයි.