පාස්කුවේ මිනී බුදින ගිජුලිහිණියෝ.

පාස්කුවේ මිනී බුදින ගිජුලිහිණියෝ.

12 views
0


පාස්කු දින ප්‍රහාරය සිදුවී මාස 71 ක් සම්පූර්ණවන ඊයේ (21) දිනයේදී සත්‍ය සහ යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ගේ එකතුවෙන්, පාස්කුදින ප්‍රහාරයෙන් අගතියට පත්වූවන්ට සහ දිවි අහිමි වූවන්ට සාධාරණය ඉටු කරමින් පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනගත කරන ලෙස පවතින රජයෙන් ඉල්ලීමක් සිදුකරමින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. තවද එහිදී පසුගිය දිනෙක ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරිපිටදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳ කළ ප්‍රකාශයක් පිළිබඳවද අදහස් ඉදිරිපත්කළා. 

ඒ අනුව ඔවුන් ප්‍රකාශකළේ බටලන්ද කොමිශන් වාර්තාව පැවති රජයන් සහ රාජ්‍ය පාලකයන් විසින් යටපත් කර වළලා දැමූ ආකාරයටම පාස්කු ප්‍රහාරයෙහි වාර්තාව කාලයත් සමඟ යටපත් කිරීමට ඉඩකඩ කිසිසේත් ලබානොදෙන බවයි. එසේ ම ජනතාව වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කරමින් පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් වාර්තාව ජනගත කිරීම රජයෙ වගකීමක් බවත් ඔවුන් ප්‍රකාශ කළා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව මුස්ලිම් තරුණ ප්‍රජාව අන්තගාමී කණ්ඩායම් වෙත මෙහෙයවීමට හේතුපාදක වූ ඤාණසාර හිමියන් සහ උන්වහසේගේ ප්‍රකාශයන් සෘජුවම පාස්කු ප්‍රහාරයට බලපෑ ආකාරය ද මාධ්‍ය හමුවේ සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට මෙම සංගමයේ නීතීඥවරුන් ක්‍රියාකළ අතර එකී කාරණා හේතුවෙන් “බොදුබල සේනාව” යන සංවිධානය තහනම් කිරීමට නියෝග කර ඇති වටපිටාවක කාදිනල් හිමිපාණන් ප්‍රශ්නකිරීමට ඤාණසාරහිමියන් යෝජනාකිරීම හුදෙක් දේශපාලනමය කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කිරීමක් බව නීතීඥ අමිලේගොඩ මහවත්ත ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරයේ මරණ මතින් එකිනෙකාගේ ආශාවන් සහ වුවමනාවන් තෘප්තිමත් කරගන්නා ගිජුලිහිණියන්ට තවත් අවස්ථාවන් සලසා නොදී ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනගත කර, නීතිපති උපදෙස් අනුව සුදුස්සන්ට සුදුසු දඩුවම් පැණවිය යුතු බව ඔවුන් අවසන් වශයෙන් ප්‍රකාශකළා. 

Your email address will not be published. Required fields are marked *