පාර්ලිමේන්තු නියෝජනය අහිමිවුණත් අපි ජනතාව සමඟ පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය හදනවා.

පාර්ලිමේන්තු නියෝජනය අහිමිවුණත් අපි ජනතාව සමඟ පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය හදනවා.

48 views
0

පසුගිය නොවැම්බර් 16 වෙනිදා ජන අරගල සන්ධානය විසින් මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා. ඒ මහමැතිවරණ ප්‍රතිඵලවලින් පසු ඒ පිළිබඳ පක්ෂයක් ලෙස ඔවුන්ගේ අදහස සහ ස්ථාවරය ඉදිරිපත්කිරීම සඳහායි. මේ සඳහා ජන අරගල සන්ධානයෙහි ක්‍රියාකාරී විධායක සාමාජිකයින්වන දුමින්ද නාගමුව, ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ, කල්ප රාජපක්ෂ, වීරසිංහම්, ස්වස්තිකා අරුලිංගම් අතුලු බොහෝ පිරිසක් එක්ව සිටියා. 

සමස්තයක් ලෙස මහමැතිවරණ ප්‍රතිඵලය සහ නව මන්ත්‍රීමණ්ඩලය පිළිබඳ ප්‍රසාදය පලකළ ඔවුන් ප්‍රකාශකලේ ජනාධිපතිවරණයෙහිදී සමස්ත මහජනතාව දැක්වූ අදහසේ දිගුවක් ලෙස මහමැතිවරණයේ ප්‍රතිඵලය හැඳින්විය හැකිබවයි. එසේම අධික දුෂ්කර කාල සීමාවන්ට ජනතාවට මුහුණ දීමට සිදුවූ මෙන් ම ජනාධිපතිවරයෙක් පන්නාදැමීම සඳහා රටක ජනතාව එක්වූ වසරක් සහ ජනමතකයකින් තොරව ජනාධිපතිවරයෙක් පත්ව ජනතාවත් රටත් පාලනය කළ කාල සීමාවක් ලෙස පසුගිය අවුරුදු දෙක හැඳින්විය හැකිබවත්එ, එකී ජනතා නැගීසිටීම හෙවත් අරගලය විසින් මෙලෙස දූෂිත දේශපාලන පක්ෂ සහ දේශපාලනික බල කණු ප්‍රතික්ෂේප කිරීම සුභවාදී බවත් ඔවුන් ප්‍රකාශ කළා. එසේ ම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාවක් හිමි නොවූව ද, 2022 අරගලය සමයේ සිට තම පක්ෂයේ සාමාජිකයන් දැරූ දේශපාලන මතයක් වන, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව මහජන බලය සංවිධානාත්මකව ඉදිරියට ගෙන ඒමේ වගකීම ඉටු කිරීමට පක්ෂයක් ලෙස සියලු සාමාජිකයන් සූදානම් බව ඔවුන් ප්‍රකාශ කළා. 

ජන අරගල සන්ධානය මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ විපක්ෂය වෙනස් කළ යුතුය යන අදහසින් බවත් ජනතාව විසින් පැරණි පක්ෂ විපක්ෂයෙන් පවා ඉවත්කරමින්, ප්‍රතික්ෂේප කරමින් එම වගකීම ඉටුකර ඇති බවත් ඔවුන් තවදුරටත් පැහැදිලි කළා. එසේ ම මහමැතිවරණයේ ප්‍රතිඵලය තුළින් උතුර, දකුණ සහ රටේ අනෙක් සියලු කලාප එක්වී තිබීම අතිශය සතුටුදායී බවත් ජනතාවගේ ලක්ෂ සංඛ්‍යාත ඡන්ද තුළ බලාපොරොත්තු ගණනාවක එකතු වී තිබෙන බවත් ජන අරගල සන්ධානය ප්‍රකාශ කළා. 

පාර්ලිමේන්තුව තුළ නියෝජනය අහිමි වූ පමණින් ම එය ක්‍රම විරෝධී දේශපාලන සිදුකිරීමට බලපෑමක් නොවන බව පැවසු ජන අරගල සන්ධාන සාමාජියකින් තවදුරටත් සඳහන් කළේ ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාබලයක් ගොඩනැගීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායකවන බවයි. තව ද ජාතික ජනබලවේගයට විශාල බලයක් හිමිවුවත් “Exit IMF ” යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරනතෙක් එම රජය ජනතාවාදී නොවන බවත් ජන අරගල සන්ධානය ප්‍රකාශ කළා. 

Your email address will not be published. Required fields are marked *