හැත්තෑ හතර වසරක මෙරට දේශපාලනය රටට ශාපයක් වී තිබේ. ඒ සඳහා තර්කයක් නැත. මැරයෝ මදාවියෝ දේශපාලනයට පිවිස සිටිති. නූගත්හු හා තක්කඩියෝ දේශපාලනයට පිවිස සිටිති. එසේ පිවිස ඔවුහු මදාවිකම, මැරකම, නූගත්කම හා තක්කඩිකම ප්‍රදර්ශනය කළා මිස අන් කිසිවක් නොකළහ. මෙහි තාර්කික ප්‍රතිඵලය වූයේ ‘225ම එපා’ යනුවෙන් විරෝධතාත්මක සටන් පාඨයක් නිර්මාණය වීමය. එබඳු සටන් පාඨයක් නිර්මාණය වූයේ අහම්බයෙන් නොවන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වූවකි.
මෙම දේශපාලන සංස්කෘතිය මෙරට ජනයා පිළිකුල් කරති. එමෙන්ම මෙම දේශපාලන සංස්කෘතියට වෛර කරති. ඉකුත් අවුරුද්දේ මැයි 9 වැනිදා රටපුරාම මැති ඇමැති නිවාස ගිනිබත්වීමට එක් හේතුවක් වූයේ එය ය. විරෝධය හා වෛරය පුපුරා ගියේ එසේය. දේශපාලනඥයන් දැන්වත් මේවා තේරුම් ගත යුතුය. එසේ තේරුම් ගෙන වෙනස් විය යුතුය.
දේශපාලනඥයා යනු ජනයා අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට පාත්‍රව සිටියදී ඒ කිසිවක්ම නොසිතා තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් සිතන පිරිසක් යැයි සමාජයේ පොදු මතයක් තිබේ. දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් එයට හේතුවී තිබේ. තමන් මන්ත්‍රී වූ විට ඇමති වූ විට සියල්ල තමන්ට අවශ්‍ය පරිදි සිදුවිය යුතු යැයි ඇතැම් දේශපාලනඥයෝ සිතති. පොලිසිවලට කඩා පැන පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසුනේ හිඳ අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝග නිකුත් කරන්නෝ එබඳු මදාවි දේශපාලනඥයෝ වෙති. අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව වුවද තමන්ට අවශ්‍ය පරිදි ගමන් කළ හැකි යැයි උද්ධච්ඡ මානසිකත්වයක් නිර්මාණය වන්නේද නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිස් නිලධාරීන්ට අමු තිත්ත අසික්කිත භාෂාවෙන් බැණ පහරදීමට උත්සාහ කරන්නේද එබන්දෝ වෙති. කූඩුවල ගාල්කර තැබිය යුතු පිරිස් නිදැල්ලේ හැසිරීමට ඉඩදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුය.
සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ව්‍යුහයෙන් ඔබ්බට ගොස් පුද්ගලික අභිමතාර්ථ මුදුන්පත්කරගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීමෙන් බලාපොරොත්තුවන්නේ කෙසේ හෝ බලය ලබාගැනීම හා බලයේ රැදීසිටිම පමණක් බව මේ රටේ බහුතරයක් හට දැනී ඇත.
පක්ෂ ආකෘතියෙන් තොරව පුද්ගල කේන්ද්‍රීය යම්කිසි අරමුණු කිහිපයක් එක්ක පක්ෂයක් හැදුනොත් අර අපි පක්ෂයකින් අපේක්ෂා කරන දේශපාලන සන්දර්භය නැතිව ඒ එක එක පුද්ගලයන්ගේ ස්වාධිකාරී අරමුණු වෙනුවෙන් පක්ෂ බිහිඋනහම අර සම්ප්‍රදායික පක්ෂ නියැලෙන බලය සදහා අරගලයට වඩා ඒ පක්ෂ ඇතුළේ තියෙන බල අරගල තමයි
ගොඩාක් වෙලාවට ප්‍රබල වෙන්නේ. මේ පුද්ගල කේන්ද්‍රීය පක්ෂ දේශපාලන බල පොරයේ ප්‍රධාන මාතෘකා බවට පත්වෙලා තියෙනවා.
මේ අය රටේ ප්‍රධාන ප්‍රශ්ණවලට විසදුම් හොයනවාට වඩා තමගේ බලය රැකගැනීමට තමයි මුල්තැන දෙන්නේ. අද රටේ ඇතිවෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයත් මේකයි. ආර්ථික ප්‍රශ්ණය, විදේශ ප්‍රතිපත්තියට වඩා, නායකයින් රටේ ප්‍රශ්නවලට විසදුම් හොයනවට වඩා තමගේ බල පොරයක පැටලිලා ඉන්නවා.
ඒ බලය පෙන්වීමේ පොඩිම තැනට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නාමයෝජනා දී හමාරය. මෙවර ගමේ ඡන්දය පැවැත්වෙන්නේ, ග්‍රාමීය වශයෙන් ජනතාව උග්‍ර ජීවන අරගලයට මුහුණ පා සිටියදීය. අරගලය තුළින් පොදු මහජනතාව බලාපොරොත්තු වූ සමාජ දේශපාලනික වෙනස ඇති කිරීමට පළාත් පාලන මැතිවරණයකට හැකිවේද?. රටේ මේ වන විට කිසිදු ගැටලුවක් නොමැති බවයි මේ ඉන්න 225 සේම රටේ සියලුම ඡන්ද අපේක්ෂකයින් සිතා සිටින්නේ. හරි හමන් විදියට කටට රසට එකදු වේලකින් වත් කුස පුරවගන්න බැරි මහජනතාවගේ තුනෙන් දෙකක් විතර ඉන්නකොට අපේක්ෂකයින් හා දේශපාලන ක්‍රියාකාරීන් ඔවුන්ගේ බඩ වියත රැක ගන්න මේ ඡන්ද කාලේ යෝදාගන ඇති බව නොරහසකි.
කෝටි ගණනක් වියදම් කර ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වා ප්‍රාදේශීය සභා දිනාගැනීමෙන් හෝ චන්දය පැවැත්වීමෙන් රටට සහ ජනතවගේ බලාපොරොත්තු ඉටුවන්නේ නැත. ප්‍රාදේශීය චන්දය දේශපාලන වාසි ලබා ගැනීමේ පටු දේශපාලන අරමුණ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීම ප්‍රයෝගික නොවේ. පළාත් සබා මෙන් ප්‍රාදේශීය සබා දේශපාලකයන් නොමැතිව පවත්වාගෙන යාමට කටයුතු කල හැකිවේ. රටේ පුරවැසියන් හට මැතිවරණයක් අවශ්‍යම නම් එය ජාතික මැතිවරණයක් විය යුතුය. ශ්‍රී ලංකා දේශපාලනයේ දිසානතිය වෙනස්කරන පුරවැසියන් හට දැනෙන මැතිවරණයක් විය යුතුවේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වත්මන් ජනාධිපතිරයාට හා මේ ආණ්ඩුවට බරපතළ ආකාරයෙන් බලපාන බව සැබෑවක්ය.
මේ රටේ 2023 වර්ෂය යනු පළාත් පාලන මැතිවරණය සහ මහ මැතිවරණයක් පැවැත්වෙන වර්ෂයක් විය හැකි බව විද්වතුන්ගේ අදහසය. එය එසේ විය හැක්කේ රටේ ජනමතය සහ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය අතර තිබෙන විකෘතිය පළාත් පාලන මැතිවරණයෙන් එළියට පැමිණීමට නියමිත නිසාය.
රටේ ජනතාව සිටින්නේ ආණ්ඩු ක්‍රමයේ සහ ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තුවෙන්ය. ඒ වෙනස යනු හුදු නැවතත් පරණ දේශපාලන ආකෘතියටම බලය ලබාදීමක් නොවිය හැකි අතර මේ පිළිබඳව ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද සංවේදී බවක් පෙනෙන්නේ නැත.
මීළඟ ආණ්ඩුවක් පිහිටුවන්නට නම් මිලියන 04 පමණ තරුණ (18-36 වයස් කාණ්ඩය) ජනතාව දිනාගැනීමේ දේශපාලනයක් නිර්මාණය කිරීම අනිවාර්යය. එය හුදු පැරණි කයිවාරුකාර පවුල්වාදී ආකෘතියෙන් කිරීමේ කිසිදු ඉඩක් නැත. එසේම කයිවාරුකාර විප්ලවවාදී ආකෘතියෙන්ද ද එය කිරීමේ ඉඩක් නැති බව පැහැදිලිව පෙනේ.
2023 වසරේ පුංචි ඡන්දයෙන් ආරම්භ වන්නේ බරපතළ පෙරළියක ආරම්භයක් යැයි මා යෝජනා කරන්නේ මේ තත්ත්වය තුළය.
~ කරුණාරත්න දිසානායක ~