නිෂ්පාදිත ජනතා අනුමතිය (Manufactured consent of the people)

නිෂ්පාදිත ජනතා අනුමතිය (Manufactured consent of the people)

169 views
0

පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා ඉලක්ක කොටගත් වින්දිතයින්, වන්දනා ස්ථාන,  මුල්‍ය ආයතන නිමිත්ත කොටගත් ISIS සංවිධානයේ තීරණය, පලිගැනීම හෝ එකට එක කිරීම කෙසේ වෙතත්, එම අවාසනාවන්ත සිද්ධිය දඩමීමා කරගත් පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණයේ සහ ගෝටාභය රාජපක්ෂ, වැඩකරන විරුවා බලයට ගෙන ඒමට ළය පාරාගත් ධර්මයෙන් විතැන් වූ සමහර භික්ෂු සංඝයද, ජඩ සමාජ විද්යුත් හා මාධ්‍යය නාලිකාද “ලාංකීය ජනතා අනුමතිය” නිෂ්පාදනය කිරීමේ කර්තව්‍යය මැනවින් ඉෂ්ටකරමින්, ආදරයේ අරගලය නිසාම රටින් පලායාමට සිදුවූ ලාංකීය ඉතිහාසයේ පළමු ජනාධිපතිවරයාට හැට නම ලක්ෂයකගේ චන්දය ලබාදීමට සමත් විය.

නිෂ්පාදිත අනුමතිය (Manufactured consent), අදත් ලොව ජීවතුන් අතර සිටින, අනුහතර හැවිරිදි, වඩාත්ම සම්භාවනාවට පාත්‍රවූ දේශපාලන බුද්ධිමතා සහ නුතන වාග්විද්යාවේ පියා (father of modern linguistics) ලෙසත් හැදින් වෙන නෝම් චොම්ස්කි ට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ එවකට ජනාධිපති ජෝර්ජ් ඩබලිව් බුෂ් දියත් කල, ඉරාකයේ සදාම් හුසේන් ගේ මහා ජනගාතක ආයුධවලට එරෙහි යුද්ධය, වෙනුසියුලාවේ නිකොලස් මදුරෝ ගේ රජයට එරෙහිව ගෙනගිය ධනපති ප්‍රධාන මාධ්‍ය ප්‍රචාරණය සහ ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති ව්‍යාදීත මුසාවාධියා බලයට ගෙන ඒමට ගෙනගිය ඇමෙරිකානු ධනපති මාධ්‍ය ප්‍රචාරණයත් නිවැරදි උදාහරන කිහිපයක් සපයයි.

මැතිවරණයක් හමුවේ ඇති දියාරු, අවස්ථාවාදී, ජනතා විරෝධී ලාංකීය දේශපාලනයේ, සේපාල අමරසිංහගේ දළදා ලබු සිද්ධිය, දළදා මාලිගාවේ අනුරුව ඉවත්කිරීමට රාජපක්ෂ වාසල කවටයා හෙවත් ගමේ චන්ඩි මර්වින් ඉදිරිපත් වීම, මහමොලකරුවන් හැර සිය වගකීම් පැහැර හැරි රාජ්‍ය නිලධාරීන් විසින් පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට වන්ධි ගෙවීමට දුන් ශේෂ්ටාධිකරණ තීන්දුව, නෙළුමක් කරඩුවක් කරගත් අලියෙක් මතුවීම, චන්ද ලාංජනයක් ලෙස දේශපාලන අපතයන්ගේ හෙළුව නිරාවරණය කරන හෙලිකොප්ටරයක් ලියාපදිංචි කිරීම මගින් ගම්‍ය වෙන්නේ, තවත් වටයකින් මේ පරිහානික සමාජයේ  ජනතා අනුමතිය නිෂ්පාදනය වෙමින් තිබෙන වගයි. සහෝදර ලාංකීය ජනතාවෙනි “සිද්ධීන් සිදුවෙන්නේ, පපුවට ගසාගනිමින් හඩා වැලපීමටවත්, කොක් හඩලා සිනාසීමටවත් නොව, පාඩම් උගනීමටය”. අපට අලියාද, අතද, පුටුවද, පොහොට්ටුවද, දුරකතනයද, 43 වන සේනාංකයද, මාලිමාවද, සීනුව අලියාගේ කරේ බැදීමට එකතු වන නොයෙකුත් විකට පක්ෂද, රාවනාද බොදුබල සේනාද අදාළ නැත – නිවැරදි තීරණ ගැනීම හැර.

මේ සියලු සංසිද්ධීන් අධ්‍යයනය කිරීමෙන් දෘශ්‍ය වෙන්නේ – පාඩම් උගෙන නිවැරදි තීරණ ගැනීමට “කාලෝ අයංතේ”.

Your email address will not be published. Required fields are marked *