ස්වෞත්තම ලිංගික ෆැන්ටසිය සහ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන දිශානතිය.

ස්වෞත්තම ලිංගික ෆැන්ටසිය සහ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන දිශානතිය.

213 views
0

ලාංකීය දේසපාලන මඩ ගොහොරුවේ නරකාදියේ පතුලේ නූතන තාක්ෂණික අදියුරුවම සමඟ පැසවන්නේ එකිනෙකාගේ අවිනීත විකෘති කාමාශාවන්ය,මේවා මේ බඩ ගෙඩි දේසපාලුවන්ගේ සකසුරුවමක් හෝ පරිස්සමක් නැති කමින් සමාජය වෙත නිර්වස්ත්‍ර වන්නේ තවත් එදිරිවාදී දෑතකිනි,එතැන් පටන් අදාළ පුද්ගලයාගේ දේශපාලන හා සමාජ රාමුව සී සී කඩ කොට බිමට සමතලා කර දමන්නේ ජන අප්‍රසාදය වඩා වර්ධනය කරවමිනි.

මෙවැනි උද්ධෘතයක් වර නැගීම සඳහා විරුද්ධ පක්ෂයේ කල් යල් මැනීම බොහෝ විට කරළියට එන්නේ මැතිවරණයක් ආසන්නයේදී හෝ පුද්ගල චරිතයක් පොලා පැනීමේ අවස්ථාවකදීය.

කෙසේ හෝ මේ කුණු රස සිවිල් සමාජය තළු මරමින් රස විඳීමේ වාසිය අත්පත් කර ගන්නා නිර්ලජ්ජිත බල ලෝභීන් අනුන් වෙත එක් ඇඟිල්ලක් දිගු කරන්නේ අනිත් ඇඟිලි හතරම, තමන් වෙතට යොමු උන පසුබිමකය.

ඉතින් තම බඩ වඩා ගන්නා මේ දේශපාලන පිඹුරු පත් තාර්කිකව ව්මසා බලමු.

මෙවැනි වාතාවරණයක් තුල ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් තවත් එවැනිම චිර ප්‍රසිද්ධ කාන්තාවක් සමඟ කරළියට එන්නෙ රට තුල තවත් නමක් ඇති දේශපාලකයෙක් අපහසුවට පත් කරන අදිටනෙනි,එහිදී ලිංගික ආශාවන් සඳහා තිරිසන් සතෙකු යොදා ගත්තෑයැයි යන මැයෙන් ප්‍රධාන සමාජ ධාරාවේ කතිකාවතක් ඇති කරන ලදී,නමුත් මේ කටයුත්තට මැදිහත් උන දේශපාලන චරිතයටද පටිගත කරන ලද දුරකථන සංවාද තුල ප්‍රශස්ත කල්ක්‍රියාවක් නොතිබුන බව හුදි ජන මනසේ තැම්පත්ව ඇත.

නූතන දේශපාලනයේ පියා ලෙස විරුදාවලිය ලැබූ නිකාලෝ මැකියාවේලී ක්‍රි.ව.1513 දී රචිත නූතන දේශපාලනයේ මුදුන්මල්කඩ ලෙස භෞතීස්ම ලැබූ “කුමාරයා”නම් කෘතියෙන් දේශපාලකයෙකු අත්මිඳිය යුතු දෙයක් ලෙස නාමකරණය කරන ලද “ගර්හාව සහ වෛරය”ශ්‍රී ලංකාව තුල මෙවැනි දේශපාලන ආධුනිකයන්ගෙන් නා නා වේශයෙන් එළි බැසීම ජාතියේ අවාසනාවකි.

පුද්ගලික නිදන කාමර වලට සී සී ටී වී කැමරා කාච ගත කොට එහි විපුල හෝ අපුලද,නා නා විධ දුරකථන සංවාද තුලින් මතුවන දුර්ඝන්ධයද ,ජන මනසට ඉතා සමීප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම තුළින් සර්ව ජන චන්ද බලයෙන් කූඨ ප්‍රාප්තික ජනතා නියෝජිතයෝ ලාංකීය මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධියට නිග්‍රහ කරන්නෙ විලි ලැජ්ජාව දෙපරැන්දෙන් බේරෙන විලසිනි.

සෑම ක්‍රියාවකටම සමාන සහ ප්‍රථිවිරුද්ධ ක්‍රියාවක් ඇති බව සිහියට නංවමින් එක් පාර්ශවයක් මේසය මත නිරාවරණය කරන අසූචී පොදියට නොදෙවෙනි තවත් අසූචී පොදියක් අනිත් පාර්ශවය විසින් නිකුත් කිරිම අතිශය සාමාන්‍යය.

ඉතින් දැන් වත් මෙහි කෙළවර සොයා ගත යුතුය.

උදක්ම මෙලෙස ගඳ ගසන නරා වලක පැසවන දේශපාලක ජන මනස, කොක්කෙන් හෝ කෙක්කෙන් තමා වෙතට ඇද ගන්නට තටමන්නෙ දේශපාලනයේ ප්‍රධානම මහ පොදු සාධකය වන බලය අත්පත් කර ගන්නා අටියෙනි.

ජන හිතේශී මැදිහත් මිනිසුන් විදියට ඔබත් මමත් පෙනී සිටිය යුත්තේ සමාජ සාරධර්ම සුරකින පලළ් දේශපාලන සන්ධර්භයක් සහිත මිනිසුන් පත් කර ගැනීමටය.

ඇස් පනා පිට භාෂණයේ නිදහස හෝ වෙන යම් බල පුලුවන්කාර කමක් හෝ සමාජ සම්බන්දතා උපයෝගී කර ගනිමින් තවත් මිනිසෙකුගේ සමාජ කැඩපත සුණුවිසුනු කර දැමීම තරයේ ප්‍රථික්ශේප කල යුතු අතර එවැනි උත්සහයන් ලත් තැනම වියර්ථ කල යුතු සිවිල් බලයක් ගොඩ නැගීමට මිනිස් මැදිහත් වීමක් අවශ්‍ය සමයක පිරිසිදු වෘත්තීය දේශපාලනයක් වෙනුවෙන් පෑන මෙහෙය වීම දිවැස අපගේ අභිප්‍රාය වන අතර සුදන ඔබගේ උරහිස මත ඒ වෙනුවෙන් අපි සහෝදරත්වයේ දෑත තබනෙමු.

~ හරීන්ද්‍ර නයනජිත් පැටිඅරඹගේ ~

Your email address will not be published. Required fields are marked *