ජීවිතය අත්විඳිම ප්‍රබන්ධ කතාවලින් මිස වෙනත් අයුරකින් අවබෝධ කරගත හැකි නොවෙනු ඇත

ජීවිතය අත්විඳිම ප්‍රබන්ධ කතාවලින් මිස වෙනත් අයුරකින් අවබෝධ කරගත හැකි නොවෙනු ඇත

53 views
0

පවතින ආණ්ඩු ක්‍රමයේ විශාල වරදක් ඇතිබව අපි හොඳාකාරව අවබෝධ කරගත්තේය. පැවතුනු සහ තවමත් පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල එකම ආසනයක් වත් හිමි නොවූ රනිල් වික්‍රමසිංහ, තම පක්ෂයට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී වරුන් 134 දෙනෙකුගේ මනාපයෙන් ජනාධිපති වුයේ එහෙයිනි. ඉන්පසුව පැවති රාජාසන කතාවේදී, තමනට මනාපව සහ විරුද්ධව චන්දය දුන් සියලුම මන්ත්‍රී වරුන් උදෙසා ඔහු පැවසු වදන් අතර,
” කතා කරන්න, සද්ද නොකර ඉන්න එපා”
“ඇයි අපි එකතු වෙන්නේ නැත්තේ”
“ඇයි බය, බලය තියෙන්නේ අපේ ලඟ?”
 වැනි වදන් අප මතකයෙන් ගිලිහි ගොස්ය.
මේ ඔහු ඇමතුයේ ජනතාවට නොවන වග අප බොහෝ දෙනෙකු තේරුම් නොගත්තේය.
ඔහු ඇමතුයේ ඔහුගේම පන්තියේ හොරු රැලකටය.
පිඩනයට පත් ජනතාව විසින් තම පන්තියේ පැවැත්ම මුළුමනින්ම අතුගා දැමීමට පෙර රාජපක්ෂලා විසින් තෝරාගත් තම පංතියේ රනිල්, පාර්ලිමේන්තුවේ හොරුන් 225 ට ආත්මශක්තිය, රැකවරණය සහ වගකීම සහතික කලේ එදා දළඳා මාලිගාව අභියසදීය. එය ඔහු සහතික කල ලෙසම සිදු කරමින් ඇත. දැන් විරුද්ධ පක්ෂයක් නැත. රජයේ වැරදි තීරණ, මන්ත්‍රණ සභාවේ විවාදයට ලක්කරණ කණ්ඩායමක් නොමැත. විවාද කලද රජයේ යෝජනා සියල්ල වැඩි චන්දයෙන් සම්මත වෙනු ඇත. හදිසිනීතිය සම්මතවීමෙන් ඒබව මනාව ඔප්පු කරනු ලද්දේය. ඒ ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කර ගැනීමේ තීරණාත්මක සන්ධිස්ථානය පසුකරලීමට මිසෙක ජනතාව වෙනුවෙන් නොවේ. පාක්ෂිකයින් හැමෝම එක්වී නමින් පමණක් සර්වපාක්ෂිකවූ රජයක් ගොඩනැගීමද එහිම කොටසකි. වැඩිකල් යන්නට මත්තෙන්, හොරා කෑම යලිත් ආරම්භ කරනු ඇත. වෙනසකට ඇත්තේ මෙවර එය ජනතාවට හෙළි දරව් කිරීමට විපක්ෂයක් නැතිවීමය. එමගින් හොරකම මුළුමනින්ම වසන් කිරීමට රනිල් ප්‍රමුඛ රජය සමත්වෙනවා ඇත.
ජනතාව තවමත් පිඩනයේය. රුපියල් සියයක් – දෙසියයක් අඩුකරනු ලබන භාණ්ඩ මිල දහස් ගනින් මිල ඉහල දැමු භාණ්ඩ වල මිල බවවත් අප මතකයේ නැත. සමහරෙකුට මෙම භාණ්ඩ මිල පහත දැමීම රනිල්ට වන්දනා මාන කිරීමට තේවාව ඇරඹුවා වැනිය.
සාක්ෂරතාව ඉතා ඉහල තිබෙනා ශ්‍රී ලංකාවේ බුද්ධිය අවමයට ලිස්සා ගොස් ඇතිබව මෙයින් පැහැදිලි වෙන අතර එය අප සියල්ලන්ගේම අභාග්‍යය වී ඇත.
පසුගිය දශක ගණනාව තුල, රජය සහ ඒ හා බැඳුනු මාධ්‍ය ජනතාවගේ බුද්ධිය අගාධයටම අද දැමීමේ කාර්‍යය අකුරටම ඉටුකර තිබේ, එලිමහන් සංගීත සංදර්ශන, රුපවාහිනී නාලිකා හරහා වැපිරූ නොයෙකුත් සංගීත තරඟ, නැටුම් තරඟ සහ ප්‍රේමනීය ලෝකයන් අතර හිරවුණු තරුණ පරම්පරාව බුද්ධිය වෙනුවට මනං කල්පිත ලෝකයන්ට ඇදදමා හමාරය.
ගාලු මුවදොර අරගලයේ හදවත් තුල ස්පන්දනයවූ වේදනාව තේරුම් ගත හැකිවූ තරුණ පරම්පරාවක් සිටියේ නම් එවන් තරුණයින් ගාලුමුවදොර තනි නොකරනු ඇත. එසේ නොමැති රැල්ලට එක්වූවන් සියල්ලෝම පාහේ අතුරුදහන් වී ගොස්ය. එය එදිනෙදා ජිවිතයට බුද්ධිමය දායකත්වයක් ලබා දෙන්නන් දුබල වීම මිස, අරගලයේ කරුණු කාරණා ඉටුවීම නිසා නොවෙන බව අප හොඳින් දනිමු.
“අරගල කරුවන්” කියා වෙනම ජාතියක්, කණ්ඩායමක් හෝ පන්තියක් නොමැත, ඇත්තේ දුක්විඳින ජනතාවගෙන් කොටසක්ය.
QR සංකේතය දැන් ජිවිතයේ කොටසක් ය, හදිසිනීතිය ජිවිතයේ කොටසක්ය, තැනින් තැන අතුරුදහන් වෙන තරුණයින් ගැන ලැබෙනා ආරංචිත් ජිවිතයේම කොටසක් ය. නමුත්, ජීවත්වීම ජිවිතයෙන් ඈත්වී ගොස් කොතරම් කල්දැයි කිවහොත්, ඒ බවද අමතකවී හමාරය. එවැන්නක් අවභෝද කරගැනීමට තරම්වත් බුද්ධියක් බහුතරය සතු නොවීම ජාතියේම අභාග්‍යයකි. අරගලය තුලින් අවදිවූ බුද්ධිමතුන්ද දැන් දැන් නිදිකිරා වැටෙමින් සිටී. එසේනම් අපගේ හෙට, අනිද්දා සහ අනාගතය තීරණය කිරීමට මේ පට්ට හොරු රැලටම ඉඩදී බලා සිටිමුද?
නැතිනම් නින්දෙන් අවදිවී හෙට ඉපැදෙන පරම්පරාවේ සාපයෙන් ගැලවෙමුද?
එසේ නොවුව හොත් සොරාගත් දේපල නැවත ලබාගැනීම සිහිනයක්ම වන්නේය.
ජීවිතය අත්විඳිම ප්‍රබන්ධ කතාවලින් මිස වෙනත් අයුරකින් අවබෝධ කරගත හැකි නොවෙනු ඇත.

Your email address will not be published. Required fields are marked *