ඉන්දියාව ලොකු අයිය ද?

ඉන්දියාව ලොකු අයිය ද?

12 views
0

මේ මොහොත වන විටත් ඉන්දියාව විසින් ලංකාව වෙත සිදුකරන බලහත්කාරී මැදිහත්වීම් පිළිබඳ කරුණු හෙළිදරව් කිරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ (11) පෙරටුගාමී සමාජවාදී පක්ෂයක විසින් සංවිධානය කර තිබුණා. ” ඉන්දියාව ලොකු අයිය ද ?”  යනුවෙන් සමාජ කතිකාවක් ගොඩනගමින් ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණයේදී දුමින්ද නාගමුව විසින් දේශනයක් පවත්වනු ලැබුවා.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය සහ එහිදී සාකච්ඡා කළ බවට වාර්තාවන එට්කා ගිවිසුම් සම්බන්ධ ගැටලු කිහිපයක් ඔහු ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව බලශක්තියෙන්, ගොඩබිම සිදුකරන ව්‍යාපෘති ගණනාවකින් මෙන් ම දේශපාලනමය වශයෙන් ඒකාබද්ධ කිරීමේ ‍යෝජනා හුදෙක් කුමන්ත්‍රණකාරී දේශපාලන සැලස්මක් බව ප්‍රකාශ කළ දුමින්ද නාගමුව තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ සිදුවන්නේ ලංකාව , ඉන්දියාවේ යටත් විජිතයක් බවට පත්වීමෙන් අවසන්වන ඛේදවාචකයක් බවයි. රටක ස්වාධීනත්වය අහිමිවීම එම රටට සිදුවිය හැකි ඉහලම හානිය බව ප්‍රකාශ කරමින් ඔහු කියා සිටියේ මෙ පිළිබඳ ජනතාවගේ අවධානය යොමුවීම සහ මහජනයා සංවිධානය වීම අත්‍යවශ්‍ය බවයි. 

Your email address will not be published. Required fields are marked *