රාජ්‍ය සේවයට සුනාමියක්?

රාජ්‍ය සේවයට සුනාමියක්?

10 views
0

ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තීන් හේතුවෙන් මහජනතාව සහ වෘත්තිකයන් වෙත සිදුව ඇති බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් එක්සත් ජනරජ පෙරමුණෙහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (02) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ නව බදු හඳුන්වාදෙමින් ජනතාව තව තවත් පීඩාවට පත්කිරීම නුදුරේදීම සිදුවන බව සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්මාණය කල සැලසුමක ම ආකෘතියකින් මොවුන් ජනතාවට සහන සපයන බවට මුලාවක් සිදුකරමින් සිටින බවයි. 

තෙල් සඳහා අයකරන බදු, ඩිජිටල් සේවාවන් සඳහා අයකරන බදු, බැංකු තැන්පතු මත බලපැවැත්වෙන බදු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට නොව පරිහානියට පත්කිරීමට හේතුවිය හැකි බව ජනාධිපති අනුර දිසානායකට හෝ අගමැතිනියට අදහසක් නොමැති බවත්, විශ්ලේෂකයන් මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු මේවන විට ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයකට රජය පත්ව ඇති බවත් ඔහු සඳහන් කළා. 

මාධ්‍යවේදීන් යොමුකල ගැටලුවලට පිළිතුරු ලබාදෙමින් පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේ රජය විසින් රාජ්‍ය සේවකයන් වෙත අනවශ්‍ය බලපෑමක් පීඩනයක් එල්ල කිරීමේ සූදානමින් සිටින බවයි. එය දූෂිත නිලධාරීන්ට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයට ම සුනාමියක් වන බවත් අමාත්‍ය ලාල් කාන්ත විසින් ප්‍රසිද්ධ වේදිකාවල සඳහන් කර සිටින්නේ අතපසු වීමකින් නොවන බවත් එවැන්නකින් ඔවුන් බලාපොරොත්තුවන්නෙ රජය පක්ෂපාතී නිලධාරීන් එම ආයතනවලට යෙදවීම බවත් ඔහු ප්‍රකාශ කළා.

ජනතාව ලබාදුන් ජනවරමෙහි මේ ආකාර බලපෑමක් වෘත්තිකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට කීරිමේ අයිතියක් කිසිසේත් ලබාදී නොමැති බවත්, රාජ්‍ය ව්‍යවස්ථාවට සහ රෙගුලාසීන්ට අනුකූල වීමට ඔවුන් බැඳී සිටින බවත් ඔහු ප්‍රකාශ කළා. රාජ්‍ය සේවය ජවිප කරණය කිරීමේ අයිතියක් තවමත් වලංගු නොවන බවද පාඨලී මහතා අවසාන වශයෙන් සඳහන් කළා. 

Your email address will not be published. Required fields are marked *