පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් බොහෝමයක් සහ මාධ්‍යවේදීන් සම්බන්ධ වූ විශේෂ සම්මන්ත්‍රනයක් ඊයේ (19) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ” සහල් අර්බුදයට විසඳුම කුමක් ද ” යන්න ප්‍රධාන ප්රස්තුතය කොටගත් මෙම සම්මන්ත්රනයේදී විශේෂයෙන් ම වත්මන් රජයේ ක්‍රියාකලාපයත්, ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම පිලිබඳවත් විවෘත අදහස් දැක්වීමක් සිදු වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජික චමීර කොස්වත්ත විසින් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ අතර, වත්මන් ජනාධිපති තුමන් 2022 වර්ෂයේ දී ජනතා විමුක්ති පෙරමුණෙහි නායකවරයා ව සිටි සමයේ පොදුජන පෙරමුණ ආණ්ඩුව විදේශයන්ගෙන් සහල් ආනයනය සම්බන්ධව සිදුකළ උපහාසාත්මක ප්‍රකාශයක් උපුටා දක්වමින් වර්තමානයේ ඔවුන් ම පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය පැහැදිලි කළා. පැවති ආණ්ඩුවෙන් උරුම වූ ගැටලු ද නිරාකරණය කරමින් යන කාලයක හදිසි අර්බුද කෙරෙහි ප්‍රතිපත්ති ඉවතලෑම අනුමත කළ හැකි වුවත්, සහල් ආනයනය හැර වෙනත් ඵලදායී ක්‍රම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව ඔහු ප්‍රකාශ කලා. එසේ ම අනාගතයේ මුහුණපෑමට සිදුවිය හැකි වී ගොවීන්ගේ ගැටලු පිළිබඳ කිසිදු විසඳුමක් රජය සතු නොවීමත් අතිශය ගැටලුකාරී බව සඳහන් කළ කොස්වත්ත මහතා පෙන්වා දුන්නේ මෙතෙක් රටේ සහල් පරිභෝජනයට ශ්‍රමයෙන් තම ජීවිතයම කැපකළ ගොවියා රැකගැනීම රජය සතු වගකීමක් බවයි. වී ගොවියාට සහන සැලසීමත් , සහල් පාරිභෝගිකයාට සහන සැලසීමත් යන කරුණු ද්විත්වය ම එකවර පූරණය කළ නොහැකි බවට දුර්මතයක් අප රට තුළ සහල් ඒකාධිකාරය විසින් ගොඩ නගා ඇති බවත් එම දුර්මත ගොඩනගමින් සැබෑ ගැටලුව වසන් කිරීමේ නින්දිත උත්සාහයක ඔවුන් යෙදී සිටින බවත් දීර්ඝව පැහැදිලි කරනු ලැබුවා.
සමාජවාදී අදහස් භාවිතයන්ගෙන් පූර්ණව වැළකී ධනවාදය ඔස්සේ මෙම අර්බුදයන් විසඳීමට උත්සහ කළ ද පවතින තත්වයට වඩා අවම යහපත් වාතාවරණයක් ගොඩනැගිය හැකි නමුත්, විසින් බලයට පත්වීමට පළමුව ලබාදුන් බොරු පොරොන්දු මේවන විට මහා අර්බුද නිර්මාණය කර ඇති බැවින් ප්‍රායෝගික විසඳුම්වලින් පමණක් ජනතාවගෙ විශ්වාසය දිනාගැනිමට උත්සහ කල යුතු බව ද චමීර මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියා.