ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නවත්වනු. – ජන අරගල සන්ධානය-

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නවත්වනු. – ජන අරගල සන්ධානය-

10 views
0

සමාජ මාධ්‍ය සහ පුවත්පත්වල පලකරන ලද අදහස්මත පදනම්ව 1979 අංක 48 දරණ ” ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත”  මූලික කොටගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් මෑතක වාර්තා වුණා. ඉන් පළමුවැන්න ආරුගම්බේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ සැකයක් ආශ්‍රිත සිද්ධිය වූ අතර ඉතාම මෑතක මහවිරු සමරුව ආශ්‍රිත පැරණි වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජගතකළ බව දක්වමින් පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීම අනෙක් සිදුවීම ලෙස වාර්තා වුණා. 

මාස හයක් තුළදී අවලංගු කරන බවට කරුණු දක්වමින් සම්මත කරගත් පණතක් වන මෙම රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත විශාල ජනසංහාර කිහිඔඅයකට මුලපිරූ බවත් දමිළ , මුස්ලිම් මෙන් ම ප්‍රගතිශීලී ජනතාවට විරුද්ධව ඕනෑම අවස්ථාවක පාලක පක්ෂය විසින් මෙම පනත භාවිතා කරන බවත් කරුණු දක්වමින් ජන අරගල සන්ධානය විසින් ඊයේ (02) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහිදී ඔවුන් තවදුරටත් අදහස් දක්වා තිබුණේ ජාතිවාදයට තුඩුදෙන මෙම ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත සමාජය තුළ සාමාන්‍යකරණය කිරීමට දරණ උත්සහයන් වැලැක්විය යුතු බවත් වත්මන් රජයට හිමිවී ඇති බලය නිසිලෙස භාවිතා කර එම පනත අහෝසි කළ යුතු බවත් ය. එසේ ම ඒ වෙනුවට තවත් ප්‍රති ත්‍රස්ත පනතක් පාර්ලිමේන්තුව වෙත නොගෙන ඒමට ද රජය ප්‍රතිපත්තිගරුක විය යුතු බවත් ජන අරගල සන්ධානය සිය මාධ්‍ය නිවේදනයෙන් තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

Your email address will not be published. Required fields are marked *