රන්ජන් පාර්ලිමේන්තුවට එනවට ඇත්තටම බය කවු ද?

රන්ජන් පාර්ලිමේන්තුවට එනවට ඇත්තටම බය කවු ද?

13 views
0

පසුගිය ඔක්තෝබර් 25 වැනිදා නව දේශපාලන පක්ෂයක්වන “එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” පක්ෂයෙහි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට එම පක්ෂයේ ප්‍රධාන සාමාජිකයන් වන රන්ජන් රාමනායක , පැතුම් කර්නර්, රවී කුමුදේශ් මෙන් ම T. M. ඩිල්ශානි යනාදීන් සම්බන්ධවී සිටි අතර ප්‍රධාන වශයෙන් රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි ඉදිරිපත්කර ඇති පෙත්සම් සම්බන්ධව සහ නව පක්ෂයක් ලෙස මහමැතිවරණයට ඇති සූදානම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීම සිදු වුණා.
හොරුන් පලවාහැරීමේ ක්‍රියාවලිය සඳහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම අනිවාර්‍ය සුදුසුකමක් වන බව මෙන් ම එමගින් තමන්ට නිදහසේ කතාකිරීමේ අයිතිය හිමිවන බවද රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ පෙත්සම්කරුවන් තමන් හෙළිකිරීමට සූදානම් වංචා දූෂණ පිළිබඳ දැඩි බියකින් පසුවන බවට ද කරුණු දක්වමින්.
එසේ ම දැනට පවතින දේශපාලන පක්ෂ සමඟ එක්නොවී නව පක්ෂයක් ගොඩනැගීමට හේතු වූ කරුණු සහ මහමැතිවරණ ක්‍රියාවලියේ ප්‍රචාරණ මෙන් ම අනෙකුත් වියදම් දැරීමට තමන්ගේ පක්ෂය සතු මූල්‍යමය හැකියාව පිලිබඳව ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට රංජන් රාමනාය මෙන් ම පැතුම් කර්නර් සහ රවී කුමුදේශ් අදහස් පළකළා.

Your email address will not be published. Required fields are marked *