වසර 15ක් ගිහිල්ලත් උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්න ටික තවම විසඳිලා නැහැ

වසර 15ක් ගිහිල්ලත් උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්න ටික තවම විසඳිලා නැහැ

26 views
0

කෝසල පත්තිනිගේ~

වසර 15ක් ගිහිල්ලත් උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්න ටික තවම විසඳිලා නැහැ. අපි මේ නව රජයට ඒ සඳහා වසරක විතර කාලයක් දීල බලනවා. හරිගියේ නැතිනම් අපිට ආපහු පාරට බහින්න සිද්ධ වෙනවා.
අපිට ඕන යුද්දෙට කලින් සිංහල ජනතාව පදිංචි වෙලා හිටිය තැන වල පදිංචිය නැවත ලබාගන්න, ඒවගේම හිටපු අයගේ ව්‍යාපාර ප්‍රති සංවිධානය වෙලා නැවත ස්ථාපිත කෙරෙන්න ඕන. තවමත් මිනියක් වලලන්න කනත්තක් නැති ප්‍රදේශ තියෙනවා. ඒවගේම, පාසල් වල පහසුකම් ටික, ජල ප්‍රශ්න ටික, මුලතිව් ප්‍රදේශය ගත්තම ධීවරයින්ට මසුන් අල්ලන්න බැරි ප්‍රශ්න තියෙනවා, සිලාවතුර ගත්තම සිංහලයින්ට ධීවර තොටුපොළක් නැහැ, තවමත් එප්‍රශ්න විසඳිලා නැහැ.
අපි දෙමල ජනතාවට දොස් කියන්නේ නැහැ, නමුත් එයාගේ මන්ත්‍රීවරුන් ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ජාතිවාදී නැහැ, නමුත් අපිට තියෙන ප්‍රශ්න ටික කුමන හෝ ආණ්ඩුවක් මගින් විසඳලා දෙන්න ඕන. එතකොට සැබෑ සහජීවනය ඇතිවෙනවා.
සැබෑ සහජීවනය ඇතිවුනා කියන්නේ කවදාවත් නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නැහැ. මේ ගැටුම් ඇතිවෙන්නේ සිංහල අයගේ ප්‍රශ්න විසඳුනේ නැති වුනහම.
අලුත් ජනාධිපති තුමාට අපි අපේ ගැටළු ටික ඉදිරිපත් කරලා තියෙනවා, ඉතින් අපි බලාගෙන ඉන්නවා එතුමා ඒවා විසඳයි කියල.
අපි ප්‍රභල විපක්ෂයක් හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි රජය කඩා කප්පල් කරන්න කැමති නැහැ. 42% ක් චන්දය එතුමන් ලට තියෙනවනේ. අපි විපක්ෂයේ කාර්යය භාරය කරන්න තමයි උත්සාහ කරන්නේ.

ආණ්ඩුව හරිදෙයක් කලොත් අපි හරි දේට උදව් කරනවා, වැරදි දෙයක් කලොත් අපි විරුද්ධ වෙනවා.

Your email address will not be published. Required fields are marked *