ජාතියක ප්‍රගතිය මිණිය යුත්තේ කෙසේද?

ජාතියක ප්‍රගතිය මිණිය යුත්තේ කෙසේද?

34 views
0

ලාංකීය ජාතියේ ප්‍රගතිය මිණිය යුත්තේ, නිදහසට පෙර ස්වයම්භ වූ ශ්‍රී විභූතියෙන් හෝ 1948 ඊනියා නිදහසින් පසු, මෙතෙක් රට පාලනය කල, ජරාජීරණ වූ, දුෂිත, පුද්ගලමුලික කොටගත්, සුළුධනේශ්වර පාලක කල්ලියේ නොහැකියාව හෝ තක්කඩි කම් නිසා නිර්මාණයවූ පරිහානික සමාජයෙන් නොව, අපද වගකිව යුතු ඒ අදුරු අතීතය ජයග්‍රහණය කොට, අතික්‍රමනය කිරීමෙන්ද, ඉගෙනගත් පාඩම් වලින් මෙතෙක් කල අමනකම් නිසාම අනුව ගිය සමාජ ප්‍රගමනයට අහිතකර, සංස්ථාපිතවූ, කුණුවී දුගඳ හමන, දේශපාලන දේහය වලදමා, යුක්තිගරුක, නීතිගරුක, පරාර්ථකාමී, ආර්ථිකවත් “සමර්තනීය” (sustainable) වූ, සමානාත්මතාවය මත පදනම් වූ රාජ්‍යයක් නිර්මාණය කිරීමෙනි. බැලු බැල්මට මේ කියන්නේ “සමාජවාදී රාජ්‍යයක්”ගැන විය යුතුය.

කාලීන ලෝක භූදේශපාලන තත්වයත්, වාම දේශපාලන “මති-බ්‍රමයක” එරී සිටින බොහෝ ලාංකීය සුළු ධනේශ්වර හා ධනේශ්වර දේශපාලන පක්ෂ දෙසත් ගැඹුරු නිරීක්ෂණයක් නොකලත්, ඉහතකී “යුක්තිගරුක, නීතිගරුක, පරාර්ථකාමී, ආර්ථිකවත් “සමර්තනීය” වූ සමානාත්මතාවය මත පදනම් වූ රාජ්‍යයක් නිර්මාණය” කිරීමට මේ කිසිම දේශපාලන පක්ෂයකට එවන් විභවයක් නොමැති බව සක් සුදක් සේ පැහැදිලිය. ඉන්දියානු මාධ්‍ය ලංකාවේ 9 වෙනි විධායක ජනාධිපති ගැන වාර්තා කලේ  “වාම නැබුරුවක් ඇති” නායකයෙකු ලෙසයි. චීන ආර්ථිකය ලෝකයට යහමින් විවුර්ත කල හිටපු ජනාධිපතිවරයෙකු වූ ඩෙන් ෂියා පෙන්ග් ගේ විදේශ ගනුදෙනු ප්‍රතිපත්තිය වුයේ “බළලා මීයන් අල්ලන්නේ නම්, ඌ කළුද සුදුද යන්න අදාළ නොවන බවයි”.

සැබෑ සමාජවාදී රාජ්‍යයක් යනු කුමක්ද? – නිර්වචනය – වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයේ, බෙදා හැරීමේ හා හුවමාරුවේ මාර්ගවල අයිතිය හා පාලනය සමස්ත ප්‍රජාව සන්තක විය යුතුය යන දේශපාලන හා ආර්ථික න්‍යාය (ඉංග්‍රීසි සිංහල මහා ශබ්දකෝෂය – මහැදුරු සුචරිත ගම්ලත්, සිංහල හා ඉංග්‍රීසි භාෂාව ගැන හසල දැනුමක් තිබු ප්‍රකට මාක්ස්වාදී ගුරුවරයෙකි).

ලංකාවේ සැබෑ සමාජවාදී පක්ෂ ඇත්ද?, අවුරු හැටක සටන්කාමී ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදීද? ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය සපයන “ජාතික ජනබල වේගය” සමාජවාදීද? එසෙත් නැතිනම්  සමාජ ප්‍රජාතන්ත්‍රවාදීද, එහෙම නැතිනම් සමාජ සුභසාධන වාදීද? අප අනෙක් සියල්ලන්ටම වැඩියෙන් අධුෂිතය, යුක්තිගරුකය ප්‍රජාතන්ත්‍රවාදීය කියන සියලුම ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ පක්ෂ තමන්ව තෝරාපත් කර යවන ජනතාවට තමන්ගේ සැබෑ අධ්‍යාශය කිව යුතුය.

ලාංකීය විවිධ ජනකොටස් අතර සංයුතියේ දේශපාලන නියෝජනය හා සක්‍රීය දායකත්වය, ප්‍රධාන ධාරාවේ සහ වාමාංශයේ දේශපාලනයේ සාමාජිකත්වයේ ජන සහබාගීත්වයේ සංයුතියේ පරස්පරයෙන් මනාසේ පැහැදිලිවේ. සියලුම ලාංකීය ජනකොටස් මෙයින් පවසන්නේ අපටම අනන්‍යවූ දේශපාලන පක්ෂවලට පමණක් ඔවුන්ගේ ප්‍රශ්න හා විමුක්තිය උදෙසා විසදුම් ඇති බවක් නොවේද?

නිශ්චිත දේශපාලන නායකත්වයක්, මගපෙන්වීමක් ඇතිව හෝ නැතිව 2022 මන්දිර සෙලවූ ජනතා අරගලයෙන් ඉල්ලා සිටි කඩිනම්, සංකාන්ත්‍රීක හා දිගුකාලීන ජයග්‍රහණ බොහෝය. ලබුවා යයි සිතන පළමු දෙවන ජයග්‍රහණවලින් සිහිමුර්ජා නොවී  අරගලය විසින් අනිවාර්යෙන්ම දිනාගත යුතුයයි  ඉල්ලා සිටි සියලුම ජයග්‍රහණ ලබාගන්නා තුරු ලාංකීය ජනතාව අරගල උද්‍යාතාවෙන් (alert , readiness) සීරුවෙන් සිටිය යුතුය.

Your email address will not be published. Required fields are marked *