වුර්කයන් හා බල්ලන් අතර සදාකාලික යුද්ධය හෙවත් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය හා කුලවාදය

වුර්කයන් හා බල්ලන් අතර සදාකාලික යුද්ධය හෙවත් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය හා කුලවාදය

330 views
0

එකමත් එක රටක වුර්කයන් සහ බල්ලන් අතර වාදයක් පැනනැගී, ඉක්මනින්ම එය දෙපාර්ශ්වයේම මහත් වෛරයකට පෙරලුනා. මේ වෛරය කෙතරම් උත්සන්න වුනාද කියතොත්, එය සමතයකට පත් කරගන්න අනවශ්‍ය බවත්, සාම කතා වැනි බහුබූත වලට නොගිහින්, යුද්ධයකින් මෙහා කිසිම විසදුමක් නැති බවත් කියමින් දෙපාර්ශ්වයම ලහි ලහියේ යුද්ධයකට ලක ලැහැස්තිවුනා.

දෙපාර්ශ්වයම ප්‍රචාරක කටයුතු කරමින් ආයුධ සන්නද්ධ වෙමින් සිටිනා අතර, බල්ලන් විසින් ඔවුන්ගේ සේනාධිනායකයා ලෙස විශ්‍රාම ගිය ග්‍රීක යුධ වීරයෙකු පත් කර ගත්තා. වුර්කයන්ගේ අපහාස බිරීමත්, යුද්ධයට ඇති නොයිවසිල්ලත්, සුදානමත් ඉවසූ බල්ලන් විසින් පත්කරගත් ග්‍රීක උපදේශකයා ඉවසීමෙන් සිතා යුධවැදීමට ඉක්මන් නොවීමට වගබලා ගත්තා. මේ අතර තුරේදී වුර්කයන්ටත් වඩා බල්ලන් අතරේ ඉමහත් නොසන්සුන් තාවයකුත් කසුකුසුවකුත් ඇතිවුනා. කොහොමින් කොහොම හරි යුද්ධයක් වෙන්නට තිබුන ඉඩකඩ මගහැරුනා.

විශ්‍රාම ගිය ග්‍රීක යුධ උපදේශකයා බල්ලන්ට කතාකර මෙසේ කියා සිටියා. ” හොඳට අහගනිල්ලා! තොපි දන්නවාද මම තොපිත් අරගෙන වුර්කයන් ඉදිරියට යුද්ධයකට නොගියේ ඇයි කියලා? ඕනෑම යුධ්දයකදී අපි උපදෙස් ගන්න ඕනේ. යුධ්දයකදී උපදෙස් නොගන්නවුන් යුද්දේ දකින්නෙත් නැතුව විනාශ වෙනවා. දැන් බලාපල්ලා අපේ හතුරෝ වන වුර්කයෝ, උන් එකම වර්ගයක්, එකම පාටක්, ඒ විතරක් නෙවෙයි උන්ට තියෙන්නෙත් වුර්ක ගතිගුණ විතරයි. එකට අපේ බල්ලෝ, උන්ගේ බලු ගතිගුණ එක එකාට වෙනස්, උන්ගේ රට ගැනත් බලු ජාතිය ගැනත් කරන බලු වැඩ ගැනත් වෙන වෙනම උජාරු කියනවා, ලොකුබල්ලන්ට පොඩි බල්ලන් කඩේ යනවා. ඊටත් වැඩිය උන් එක එක පාට සමහරු කැපුවත් පාට වෙනස් වෙන්නේ නැහැලු.
ඊට පස්සේ ග්‍රීක සේනාධිපති උපදේශකයාගේ බල්ලන්ට පල නොකියා පලා බෙදීම තුෂ්නිම්භීතව අසාගෙන සිටි වුර්කයන්ගෙන් මෙන්න මෙහෙම ඇහුවලු. ඉතින් මම කොහොමද උඹලා වගේ මේ තරම් අසමාන කම් තියෙන, අසමගි කම් ඇති බලු රැලක් අරගෙන අර එකා වගේ සමගියෙන් ඉන්න වුර්ක රැලක් එක්ක යුද්ධයකට ගිහින් උබලාව දිනවන්නේ කියලා.


“ඕනෑම දුෂ්කර කටයුත්තකදී වෙනස් කම් අමතකකොට එකාමෙන් එකට සටන් කිරීමට එකගවීමට හැකිවීම, ජයග්‍රහණය සහතිකවීමට හැමවිටම සාධනීය හේතුකාරකයක්වේ”

Your email address will not be published. Required fields are marked *