ජාතික ජන බලවේගය ,සිරීසා ආණ්ඩුව සහ ආණ්ඩුකරණය.

ජාතික ජන බලවේගය ,සිරීසා ආණ්ඩුව සහ ආණ්ඩුකරණය.

15 views
0

ජාතික ජන බලවේගය බලයට පත් වී මාස හයක් ගත වීමට ආසන්නය.ජාතික ජන බලවේගය මාක්ස්වාදි  ආස්ථානයක සිටින ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ලිබරල් චින්තනය අඩු වැඩි වශයෙන් අදහන කොටස් නියෝජනය කරන බව නොරහසකි .එම නිසා අනුර කුමාර දිසානායක හෝ ටිල්වින් සිල්වා අදහන මාක්ස්වාදි මූලධර්ම මත ආණ්ඩුව ගෙන යාමට නොහැකිය .1994  දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග නිදහස් ආර්ථිකයේ මානුෂික මුහුණුවර නම් න්‍යාය ඔස්සේ ආණ්ඩුව ගෙන යාමට සැරසුණ ද එම ආආණ්ඩුවේ වාමාංශික කොටස් ලංගම බස්‍ රථ වල ලංගම යන අකුරු සලකුණු කරමින් පොදුවේ ජනසතු සංකල්පය ඉස්මතු කිරීමට තැත් කළද අවසන සිදුවූයේ පර්ක් ආයතනය හරහා රාජ්‍ය ව්‍යසායන් පුද්ගලිකරණයි.

මේ සංසිද්ධිය ඉතිහාසයේ නැවත නැවත සිදුවෙමින් පවති.සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ තුරන් කරමින් නිර්ප්‍රභූ දේශපාලන ආධුනිකයන් වෙනුවෙන් තම ඡන්දය ප්‍රකාශ කළ බහුතරයක් පොහොට්ටුවේ සාමාජිකයන් බව නොරහසකි .

• අනුර කුමාර දිසානායක සිය මැතිවරණ වේදිකා වල ප්‍රකාශ කළ බොහොමයක් අද වන විට සුරංගනා කතා බවට පත් වී හමාරය.පසුගිය සමයේ දේශපාලකයින් ගේ දූෂණ සහ වංචාවන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ඇල් මැරුණු ස්වභාවයකින් සිදුවේ.ජනතාව මත පැටවූ බදු  එසේම ක්‍රියාත්මක වේ.උපාධිධාරී ගේ රැකියා ප්‍රශ්නය ට උත්තර නැත.අරගල කරන්නන්ට එරෙහිව පොලිස් මර්ධනය දියත් කර ඇත.එසේ  නම් අනුර කුමාරගේ නිර්ප්‍රභූ ආණ්ඩුව සහ පසුගිය ධනපති ආණ්ඩු අතර වෙනස කුමක් ද?

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර තිබේද?   එදා වහ කදුරු සේ තිත්ත වූ සාම්පූර් අද හොදය.එසේ නම් සේතු සමුද්‍රම් ගැන කවර කතා ද?මැතිවරණය ට පෙර පවත්වන ලද ජනමත සමීක්ෂණ වලින් අනාවරණය වූයේ ජාතික ජන බලවේගය බලයට පත් වන බවය.එය එසේ වන බව ජාතික ජන බලවේගය මෙන්ම ඉන්දියාව ,චීනය වැනි රටවල් ද දැන ගෙන සිටි බව නොරහසකි .එහෙත් තමන් බලය ලබා ගත් පසුව ආණ්ඩුව කර ගෙන යාමේ නිශ්චිත යාන්ත්‍රණයක් ජාතික ජන බලවේගය සතු නොවීය.එමෙන්ම තම ආණ්ඩුවේ ආර්ථික මොඩලය පිළිබඳව කිසිදු නිශ්චිත තීරණක් ද නොතිබූ නිසා ඔවුන් ගේ ආර්ථික න්‍යාය කිසිදු හරයක් නොමැති විකෘතිය ක් විය.

ග්‍රීසියේ ආර්ථික අර්බුදය සමයේ පැවති සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අභිබවා ආණ්ඩු බලය ලබා ගත් සිරීසා පක්ෂයේ අර්බුදය ද අද ජාතික ජන බලවේගයේ අර්බුදයට සර්ව සම විය.ජනතා අපේක්ෂා ඉතා ඛේදනීය ලෙස සුන් වූ නිසා සිරීසා ආණ්ඩුවේ ආයූ කාලය කෙටි විය.ජාතික ජන බලවේගය සිරීසා ආණ්ඩුවේ අසාර්ථක බවට හේතු වූයේ කුමන කරුණු ද යන්න අධ්‍යනය කළ යුතුය .එපමණක් නොව කලාපයේ භූ දේශපාලන ය පිළිබඳව ද නිවරැදි තක්සේරුවකට යා යුතුය.ඒ සියල්ලටම වඩා තම්න් දැන් නියෝජනය කරන්නේ විපක්ෂය නොව ආණ්ඩුව බව කල්පනාවට ගත යුතුය .

එස්.එම්.ජයසූරිය

Your email address will not be published. Required fields are marked *