
දිවයින කලාප 04කට වෙන්කර අද (10) සහ හෙට (11) විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණයකර තිබේ.
ඒ ඊයේ (09) දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනක යන්ත්‍ර 03ම අක්‍රීය වීම හේතුවෙනි.මේ අනුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ සැලසුම් කළ විදුලිය සැපයුම කළමනාකරණය සිදුකෙරෙනු ඇති.ඒ අනුව සෑම කලාපයකම පැය 01යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කරන බව සඳහන්.ඒ සඳහා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ ය. ඒ අනුව විදුලිය කප්පාදු කරන වේලාවන් පහත පරිදි වේ.











