ස්වස්තිකා ඉන්නම ඕන කෙනෙක් ද?

ස්වස්තිකා ඉන්නම ඕන කෙනෙක් ද?

49 views
0

මහමැතිවරණ උණුසුමත් සමඟ විවිධ පක්ෂ සහ විවිධ අපේක්ෂකයන් තම තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සූදානම් වෙනව. ඒ අතර විශේෂ අවධානයකට ලක්වූ චරිතයක් තමයි ස්වස්තිකා අරුලිංගම් කියන්නෙ. ඇය කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වෙන්නෙ ජන අරගල සන්ධානය තුළින්. “ඉන්නම ඕන කෙනෙක්” හැටියට බොහෝ දෙනා හඳුන්වන ස්වස්තිකා අරුලින්ගම් සමඟ පැවති සාකච්ඡාවකදී වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ කරුණු මෙන් ම පක්ෂයක් ලෙස ජන අරගල සන්ධානයෙහි මැතිවරණ සූදානම පිළිබඳවද ඇය කරුණු දක්වාසිටියා. 

අනුර කුමාර ප්‍රමුඛ ආණ්ඩුව සාර්ථක හෝ අසාර්ථක බව තීරණය කිරීමට තවමත් කල්වේලා මදි බව පළමුව ඇය ප්‍රකාශ කළ අතර ජනාධිපතිවරණය සමයේ ලබාදුන් පොරොන්දු මේ වනවිට ආණ්ඩුව විසින් වෙනස් කරමින් සහ නොසලකාහරිමින් තිබීම තරමක් ගැටලුකාරි තත්වයක් ලෙසත් සඳහන් කළා. එසේම ඇය තවදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුව විසින් ජනතාව පිළිබඳ සිතා ගනුලබන තීන්දු තීරණ සමඟ එකඟ වීමට මෙන් ම පාර්ලිමේන්තුවෙන් පිටත දී වගේ ම ඇතුළතදී ජනතා හඬ වෙමින් වංචා දූෂණ හමුවේ නැගීසිටීමට පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් සිටීම අත්‍යවශ්‍ය බවයි. එසේ ම තමන්ගේ මෙන් ම තමන්ගේ පක්ෂයේ සියලු සාමාජිකයන්ගේ පළමු වගකීම ජනතාව බව ඇය ප්‍රකාශකළේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අසාර්ථක දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ විපක්ෂය ගොඩනැගීමට උත්සහ කරන සැබෑ හේතු ජනතාව විසින් තේරුම්ගතයුතු බව ද සඳහන් කරමින්. අවසාන වශයෙන් ඇය සඳහන් කළේ ජනතාව විසින් අවබෝධයෙන් යුතුව ජන අරගල සන්ධානය මෙන් ම අනෙකුත් සියලු පක්ෂ ජනතාව වෙනුවෙන් සිදුකළ සහ සිදු කිරීමට සූදානම් දේ පිළිබඳ විමසා බලා අවබෝධයෙන් යුතුව ඡන්දය ලබාදීමට ජනතාව ක්‍රියා කළ යුතු බවයි.

Your email address will not be published. Required fields are marked *