ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට අභියෝගයක්.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට අභියෝගයක්.

16 views
0

-චානු නිමේෂා – ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ තරුණ හා කාන්තා කටයුතු පිළිබද ලේකම්.

ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට මෙවර මහමැතිවරණයට සඳහා සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ නායකත්වය මගින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන ඇය චානු නිමේෂා. ඊයේ (2024.10.25) සිය පක්ෂයෙහි ක්‍රියාකාරී සාමාජිකයන් සමඟ මාධ්‍ය හමුවකට පෙනීසිටිමින් ඇය මාධ්‍යවෙත සිය අදහස් පළකලා.
“කලින් දශකවල මැතිවරණ වලට ඉදිරිපත් වූයේ ප්‍රධාන පක්ෂවල ධනපති පන්තිය පමණයි. එම පක්ෂවල නිර්ධනපන්ති මිනිසුන්ට කවදාවත් ඊට අවස්ථාවක් හිමිවූයේ නෑ . LGBTIQ ප්‍රජාවේ සංක්‍රාන්තික කාන්තාවක් පළවෙනි වතාවට ශ්‍රී ලංකාවෙ මහමැතිවරණයකට ඉදිරිපත් වෙනවා. මං හිතන්නේ මේක ඓතිහාසික දෙයක්.”
තව ද ඇය ප්‍රකාශ කළේ 2022 ගෝල්ෆේස් අරගලය හේතුකොටගෙන වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වූ බවත් ඒ සඳහා මහජන මෙහෙයවීම අරගලය නිසා ඇතිවූ බවත් ය. සිස්ටම් චේන්ජ් එකක් අරමුණුකොටගෙන සියලූ ම ශ්‍රී ලාංකිකයින් අරගලයට සම්බන්ධ වූ නමුත් රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ලෙස තවමත් රට පාලනය වන බව ද ඇය ප්‍රකාශ කර සිටියා. වත්මන් ජනාධිපතිතුමන් ද එකඟව සිටින IMF කොන්දේසි එයට උදාහරණ ලෙස ඇය දක්වා සිටියා.
තවත් අදහස් සහ යෝජනා රාශියක් මාධ්‍ය නියෝජිතයින් හමුවේ ඉදිරිපත් කළ ඇය අවසාන වශයෙන් ප්‍රකාශකළේ, කම්කරු බලයක් සහිත විපක්ෂයක් ගොඩනැඟිය යුතු බවයි.

Your email address will not be published. Required fields are marked *