පාස්කුවේ පෝරකය සූදානම්.

පාස්කුවේ පෝරකය සූදානම්.

10 views
0


අද පාස්කු ඉරුදින මිලේච්ඡ ඝාතන සිදුවී වසර 6 ක් සම්පූර්ණ වන දිනය. මේ වනවිට මෙකි අපරාධයේ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු වී තිබේ ද? එසේම අපරාධකරුවන්ට දඩුවම් ලබාදී තිබේ ද? එ පිළිබඳ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි

රොහාන් සිල්වා පියතුමා, ජූලියන් පැට්‍රික් පියතුමා, අමිල එගොඩ මහවත්ත සහ මනෝජ් නානායක්කාර යන අයවලුන් අදහස් දක්වා සිටියා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකළ ඉල්ලීම් කිහිපයක් ද මෙහිදී මාධවේදීන් හමුවෙ ඉදිරිපත් කළ අතර විනිවිදභාවයෙන් යුතුව විමර්ශන සිදුකිරීම, විශේෂිතව අණාවරනය වූ පුද්ගලයන් ආයතන සහ සිදුවීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම, විමර්ශන පිළිබඳ‍ යාවත්කාලීන තොරතුරු මහජනතාව දැනුවත් කිරීම මෙන් ම මෙතෙක් සිදුකර ඇති විමර්ශන වාර්තා විනාශවීමට නොදී සුරක්ෂිතව තබාගැනිම යන කරුණු ඒ අතර අන්තර්ගත වුණා. පාස්කු ප්‍රහාරයේ කොමිෂන් සභා වාර්තාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත ඊයෙ දිනයේ ලබාදුන්බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කිරීමත් සමඟ පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුවීම පිලිබඳ ධනාත්මක බලාපොරොත්තුවක් ඇති වී තිබෙනව. එසේ ම පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ද නැතිනම් වෙනත් අපරාධයක් සම්බන්ධව ද යනවග අවුන් ප්‍රශ්න කළ අතර ඔහු සෘජුවම පාස්කු ප්‍රහාරය සමඟ සම්බන්ධ බව ද සඳහන් කළා. එසේ ම ආරක්ෂක  පර්‍යේෂණ ආයතනයෙහි හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස සේවය කල අසංග අබේගුණවර්ධන විසින් ජනාධිපතිවරයා වෙත යොමුකල ලිපියක සඳහන් වූ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක සහිත ආයතනයක් සහ පුද්ගලයින් පිලිබඳව ද අනාවරණයක් මෙහිදි සිදුකරනු ලැබුවා. 

Your email address will not be published. Required fields are marked *